දේශීය පුවත්

කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගම
අතර සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවතිබව වාර්තා වේ .

මෙහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස එම සමාගම විසින් සකසන ලද යෝජනාවලියක් ද අමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

ඉදිරියේ කාලයේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත හෙක්ටයාර 280ක කර්මාන්තපුරය පිළිබඳවද මෙහි දී කරුණු ඉදිරිපත් වූ බව වාර්තා වනවා.

මෙම කර්මාන්ත පුරයෙහි ප්‍රථමයෙන් ටයර් කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට නියමිත අතර ඒ සඳහා සිදු කරන ආයෝජනය ඇමරිකන් ඩොලර් මිලියන 300ක් වන බව අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසනවා.

තව ද හම්බන්තොට ප්‍රදේශයේ 2000කට පමණ රැකියා අවස්ථා හිමිකරදීමත්,ටයර් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමත් ප්‍රධාන අරමුණ බවයි ඔහු වැඩිදුරටත් වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More