දේශීය පුවත්

කොළඹ ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම් 03ක් ඉදිකරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹ වැඩි මාර්ග තදබදයක් පවතින්නේ මෙම කොටසේ බව අධ්‍යනයක් මගීන් හදුනාගෙන ඇත. ඒ නිසා කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල දිනකට පැය 04ක පමන මාර්ග තදබදයක් ඇති බවද අනාවරණය වී ඇත.

තවද දිනකට 109 වතාවක් දුම්රිය ආරක්ෂිත ගේට්ටුව වැසීමක්ද සිදුවේ.

මාර්ග තදබදය අවම කිරිම සදහා මීටර් 420ක දිගින් යුතු ගුවන් පාලම් දෙකක් උත්තරානන්ද මාවත හරහා හා ජස්ටිස් අක්බාර් මාවත හරහා ඉදිකිරිමට යෝජිතය. බාලදක්ෂ මාවත හරහා ඉදිවන ගුවන් පාලමේ දිග මීටර 350කි. මෙම ව්‍යපෘතිය සදහා රුපියල් බිලියන 6ක් පමණ පිරිවැයක් දැරීමට සිදු වන බව විෂයභාර අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ප්‍රධාන නගර වල පවතින අධික මාර්ග තදබදය නිසා රාජකාරි කටයුතු සදහා ගමන් කරන නිලධාරින් හා සේවකයන්ගේ මිනිස් ශ්‍රමය අපතේ යාමක් සිදු වේ.

වාහන එකම ස්ථානයේ විශාල කාලයක් නවතාගෙන සිටීමට සිදු වීම නිසා ඉන්ධන නිරපරාදේ දහනය වීමෙන් අතිවිශාල මුදලක අලාභයක් මෙන්ම නාස්තියක්ද සිදු වන බව අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More