ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ. මේ වනවිට ඔහුගේ නම පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුව වෙතද යවා අවසන් බවයි වාර්තා වන්නේ.
මොරගොඩ මහතා ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමේදී ඔහුට කැබිනට් බලතල ලබාදීමට නියමිත බවටද රජයට සමීප පුවත්පත් අද වාර්තා කර තිබේ. රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙකුට මෙවැනි විශේෂ බලතල ලබාදීමට තීරණය කර තිබෙන්නේ පළමු වැන වරටයි.
එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මොරගොඩ මහතා අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළේය.
ඇතැම් දේශපාලන පක්ෂ විසින් දැඩි ඇමරිකානු හිතවාදියෙකු ලෙස හැඳින්වූ මොරගොඩ මහතා පසුව මහින්ද රාජපක්ෂ මහතා සමග එක් විය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...