දේශීය පුවත්

නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් 2011 ලෝක කුසලාන අවසාන මහා ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට පාවා දුන්නා යයි එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරණ ලද චෝදනාවන්ට එරෙහිව ප්‍රබල හඬක් නැගූ එම තරඟයේදී ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් කුමාර් සංගක්කාර හා එම තරඟයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලැබූ මහේල ජයවර්ධන යන මහත්වරුන් ශ්‍රී ලංකා ක්‍රීඩා සංගමයට පත්කිරීම විශේෂත්වයකි.

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට පවා දුන් බවත් ඊට ක්‍රීඩකයන් සම්බන්ධ නොමැති බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා මහමැතිවරණයට පෙර විශේෂ එළිදරව්වක් කරන ලදී.

එහෙත් ඊට පිළිතුරු දුන් කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන යන මහත්වරුන් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩකයන්ගේ සම්බන්ධයක් නොමැතිව තරගයක් පාවා දීමට නොහැකි බවත් ක්‍රීඩකයන් එසේ පාවාදීම කර ඇත්නම් එය ඔප්පු කරන ලෙසත්ය.
ඉන්පසු මේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ ක්‍රීඩා දූෂණයන් පිටුදැකීමේ පොලිස් ඒකකය එවැනි සිදුවීමක් සිදුවී නොමැති බව වාර්තා කරන ලදී.

නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මහේල ජයවර්ධන මහතාව ශ්‍රී ලංකා ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයටත් කුමාර සංගක්කාර මහතාව එහි සාමාජිකයකු ලෙස ගත් පත්කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More