කාති උසාවිය තුළදී මුස්ලිම් කාන්තාවන් විශාල අසාධාරණයකට ලක්වන බව මුස්ලිම් කාන්තාවක් ඊයේ (27 වැනිදා) ලිඛිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ.
මෙම කාන්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ ලිපිය මගින් පෙන්වා දෙන්නේ කාති උසාවිය මගින් ලබාදෙන නියෝග අසාධාරණ බවත් එහිදී මුස්ලිම් කාන්තාවන්ට පරුෂ වචනවලින් පවා බැණ වදින බවත්ය.
එම කාන්තාව ජනාධිපතිවරයාට බාර දුන් ලිපියේ,
‘‘මම දරුවන් දෙදෙනකුගේ මවක් වන අතර දික්කසාද වූ කාන්තාවක්. මගෙන් වෙන්වූ ස්වාමි පුරුෂයා දරු දෙදෙනාට ජීවන වියදම සඳහා හරියට ගෙවීමක් සිදු නොකරයි. එයට හේතුව කාති උසාවිය ලබාදුන් වැරදි නියෝගයක් නිසයි. මාගේ අසරණ භාවය කාති උසාවියට දන්වා සිටියත් ඒ සඳහා කිසිම සාධාරණයක් ඉෂ්ට කළේ නැහැ.
මේ සඳහා සානුකම්පිත අවධානය යොමු කර මා හට සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි’’ යනුවෙන්ද සඳහන් වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...