දේශීය පුවත්

නීති විරෝධීව ඇතුළු වූ පිරිසක් විසින් පෙරේදා (26දා) රාත‍්‍රි ලෝ ප‍්‍රකට ආනවිලූන්දාව අන්තර්ජාතික රම්සාර් තෙත්බිම් අභයභූමියේ ඉඩම් අක්කරයක පමණ ප‍්‍රමාණයක් බුල්ඩෝසර යොදා එළිපෙහෙළි කර ඇතැයි වනජීවී ආරංචිමාර්ග පවසයි.

මෙම අනවසර එළිකිරීමේ කටයුතු සඳහා ඉකුත් දා මීගමුවේදී වනසංරක්ෂණ නිලධාරිනියක සමග කඩොලාන පිළිබඳ අර්බුදයක් ඇතිකරගත් ඇමැතිවරයාගේ ඍජු සම්බන්ධතාවක් ඇති බව හඳුනා ගෙන ඇති අතර, වනජීවී දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර හලාවත අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

පුත්තලම දිස්ත‍්‍රික්කයේ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආනවිලූන්දාව ගම අශ‍්‍රිතව මෙම අභය භූමිය පිහිටා ඇත. එකිනෙක සම්බන්ධ වූ ඉපැරණි වැව් පහකින් සමන්විත මෙම තෙත්බිම් සංකීර්ණය ශ‍්‍රී ලංකාවේ දෙවැනි අන්තර්ජාතික රම්සාර් තෙත්බිම ලෙස 2001 වසරේදී ප‍්‍රකාශයට පත්කරන ලද්දකි.

මෙහි ඇති පාරිසරික හා වන සතුන්ගේ වාසස්ථානයක් ලෙස පවතින වටිනාකම සලකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 1997 සිට වනජීවී අභය භූමියක් ලෙස ද ආනවිලූන්දාව පවත්වාගෙන යනු ලැබේ.

මහා පරාක‍්‍රමබාහු රජු පොළොන්නරුවේ රජවන්නට ප‍්‍රථම, කුමාර අවධියේදී මෙම ස්ථානයේ ඉහත වැව් සංකීර්ණය සාදවා ප‍්‍රදේශයේ කෙත්වතු අස්වද්දවා ඇති බව විශ්වාස කරන අතර, අභය භූමියේ ලන්දේසි ඇළ පිහිටි ප‍්‍රදේශය මෙසේ බුල්ඩෝසර කර ඇතැයි පරිසරවේදීහු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More