පාර්ලිමේන්තුව තුළ 13 වැනි හා 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට පසුව ගෙන එන යෝජනා ගැන දෙමළ ජාතික සන්ධානයට තවමත් අවබෝධයක් නැතත් 13 හා 19 සංශෝධනයට පක්ෂව දෙමළ ජාතික සන්ධානය ඡන්දය ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා පෙරේදා (26 දා) ශ‍්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිවරියට ප‍්‍රකාශ කොට තිබේ.
ඇමරිකානු තානාපතිවරිය වන ඇලයිනා රෙප්ලිස්ට් ඇතුලූ පිරිසක් ත‍්‍රීකුණාමලයේදී සම්බන්ධන් මහතා හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව ප‍්‍රකාශ කොට ඇත.
ඇමරිකානු තානාපතිවරිය හමුවීමෙන් පසුව සම්බන්ධන් මන්ත‍්‍රීවරයා මාධ්‍යවේදීන්ට ප‍්‍රකාශ කළේ තමන් හමුවීමට පැමිණි නියෝජිත පිරිස මහ මැතිවරණය හා එහි ප‍්‍රතිපල පිළිබඳව සාකච්ඡුා කළ බවයි.
අනතුරුව රජය විසින් පාර්ලිමේන්තුව තුළ සිදු කිරීමට යන ව්‍යවස්ථා සංශෝධන හා වත්මන් දේශපාලන තත්ත්වය සාකච්ඡා කළ බවත්, එහිදී තමන් 13 හා 19 ව්‍යවස්ථා වෙනස් කිරීමට පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ඡන්ද විමසීම්වලදී දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් රජයට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ නොකරන බව දන්වා සිටි බවද සඳහන් කළේය.
රජය විසින් සිදු කිරීමට යන මෙම ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳව දැඩි අවධානයකින් සිටින ලෙස තමන් ඇමරිකානු තානාපතිවරිය ඇතුලූ කණ්ඩායමෙන් ඉල්ලා සිටි බවද සම්බන්ධන් මන්ත‍්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...