දේශීය පුවත්

ශ්‍රී ලංකා භූමියේ පහළ වූ ප්‍රථම භාෂාව වන දෙමළ භාෂාවෙන් පාර්ලිමේන්තුව ඇමතීමට ලැබීම භාග්‍යයක් බවත් උතුරු නැගෙනහිරට ස්වයං පාලනය අවශ්‍ය බව සඳහන් කරමින් හිටපු උතුරු මහ ඇමැති සි.වි.විග්නේශ්වරන් මහතා පාර්ලිමේන්තුවේ මංගල සැසියේ දී නව කතානායකවරයාට සුබ පැතීමේ කතාව අතරතුර කළ ජාතිවාදී ප්‍රකාශයට ලැබුණු මුල්ම අවස්ථාවේ දී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊට ප්‍රහාරයක් එල්ල කරන ලදී.

ඒ අද (27) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිණි.

විග්නේශ්වරන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට ප්‍රථම වෙල්ලමුල්ලි ප්‍රභාකරන්ගේ පිළිරුවක් අසළ දිවුරුම් දීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙන්වා දෙන විරසේකර මහතා කොළඹ ඉගෙන ගෙන, කොළඹ නීති උපාධිය හමාර කොට කොළඹ අධිකරණයක කටයුතු කළ විග්නේෂ්වරන් මහතා කරන මෙම ප්‍රකාශ අද විහිළුවක් බවට පත් වී ඇති බව ද පෙන්වා දෙයි.

මංගල සැසියේ දීම වීරසේකර මහතා එම ජාතිවාදී ප්‍රකාශයට පිළිතුරු දීමට නැගී සිටියද ආණ්ඩු පක්ෂයේම ජේෂ්ඨයන් විසින් ඔහුව වැළැක්වූ බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More