දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන්කොට ඇත්තේ MCC ගිවිසුම පිලිබඳ විද්වත් කමිටු වාර්තාව නව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සහ ඉන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ටකොට විවාද කිරීමෙන් අනතුරුව අතරමැද තැනකට එන බවය. නමුත් ඒ අතරමැද දී තැන කුමක්දැයි තමා නොදන්නා බව ද ඔහු කියයි.
කෙසේ වෙතත් එම වාර්තාව කැදවන ලද්දේ අගමැතිවරයා විසින් බැවින් එම වාර්තාව නැවත වතාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවාද යන තීරණය ගත යුත්තේ අගමැතිවරයා වන අතර ඒ පිළිබඳ මතයක් පළ කළ හැක්කේ අගමැතිවරයාගේ ලේකම්ට වන අතර අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවකින් පසුව MCC ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය යන්න ජනාධිපතිතුමා විසින් ගත යුතු තීරණයකි. එසේනම් ඒ පිළිබඳව නිල අදහසක් ප්‍රකාශ කළ හැක්කේ ජනාධිපති ලේකම්වරයාටය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...