විදේශ පුවත්

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අමෙරිකානු ජනතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බිරිඳවන මෙලනියා ට්‍රම්ප් සිය කණගාටුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝනා වෛරසය අමෙරිකාව තුළ  පැතිරයාම පිළිබඳව මෙතෙක් අනුගමනය කර ඇත්තේ ලිහිල් ප්‍රතිපත්තියකි.

නමුත් රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුළුව අමතමින් මෙලනියා ඉස්මතු කළේ ඊට හාත්පස වෙනස් දෙයකි.

වෛරසය ආසාදනය වී දුක්විඳින ජනතාව වෙනුවෙන් කැපවී සේවය කරන වෛද්‍යවරු සහ සෞඛ්‍ය අංශ සේවකයින්ට ඇය සිය කෘතඥතාවය පළ කළාය.

“තම සමීපතමයින් මියයාම නිසා දුකට පත් සියලුදෙනාට සහ ආසාදිතව දුක්විඳින අයට මාගේ අනුකම්පාව හිමිවෙනවා. මම දන්නවා බොහෝ අය සරණක් නෑ කියලා කණගාටුවෙන් ඉන්නේ. මම ඔබට කියන්න කැමතියි ඔබ කිසිවෙක් තනිකර නැහැ,” යනුවෙන් ඇය පැවසුවාය.

තම සැමියාගේ ක්‍රියාකලාපය ට මානුෂික ස්වරූපයක් ලබාදීමට ද ඇය උත්සහ කළ බව වාර්තා වේ.

නොවැම්බර් 3 වැනිදා අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිටත් කාන්තාවන් අතර විරෝධයට ලක්වූ පුද්ගලයෙක් බවට පත්ව සිටී.

ඊයේ දිනයේද කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයින් 1,200ක් පමණ මියගොස් තිබේ. මේ දක්වා එරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 180,000ට ආසන්නය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More