දේශීය පුවත්

ඉදිරියේදී කිරි ගවයන් 22,000 ක් මෙරටට ගෙන්වීමට ප‍්‍රධාන පෙළේ වතු සමාගම් විසිදෙකකට අවසර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

රටේ කිරි අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කිරීම මෙහි අරමුණ බවත් ඒ අනුව එක් වතු සමාගමකට කිරි ගවයන් 1000 ක් ගෙන්වීමට අවසර ලබාදුන් බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. ඒ සඳහා ඔවුන්ට තාක්ෂණික දැනුම, සහන, මූල්‍ය ආධාර, සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ඉඩම් සහ අනිකුත් සියලූම පහසුකම් ලබා දීමට රජය පියවර ගෙන ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

දැනට රටේ වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 422 ක් බවත්, මෙම වැඩපිළිවෙළ යටතේ කිරි ලීටර් මිලියන 750 දක්වා වැඩි කිරීමට හැකි වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

වතු සමාගම් සහ දේශීය ආයෝජකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26 දා) අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දේශීය කිරි ගොවියා ආරක්ෂා කරමින් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ මෙය කි‍්‍රයාත්මක කිරීමටත්, කෘෂි කර්මාන්තය හරහා දළ දේශීය නිෂ්පාදනය ඉහළ දැමීමත් ප‍්‍රධාන අරමුණ බව ඇමැතිවරයා කියා සිටියේය.

මෙම වැඩපිළිවෙළ යටතේ කිරිපිටි ආනයනය සඳහා රජය වැය කරන විශාල මුදලක් ඉතිරි කර ගැනීමත්, කිරි පිටි භාවිතයෙන් ජනතාව රෝගී තත්ත්වයට පත් වීමෙන් මුදා ගැනීමත් මෙහි එක් අරමුණක් බව ද, 2023 වනවිට රටේ කිරි අවශ්‍යතාව රට තුළම නිපදවා ගැනීම තවත් අරමුණක් බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැතිවරුන් වන කනක හේරත් සහ ජානක වක්කුඹුර යන මහත්වරු ද සහභාගි වූහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More