දේශීය පුවත්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී කුරුණෑගල මහ රෝහලේ සේවය කළ වෛද්‍ය සෙයිගු සිහබ්දීන් මොහොම්මදු සාෆි නමැත්තාට අයත් ගිණුමකින් රුපියල් කෝටි 44 ක මුදලක් සංසරණය වී ඇති බව අනාවරණය වී ඇතැයි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26 දා) කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට පෙන්වා දුන්නේය.

කුරුණෑගල ප‍්‍රදේශයේදී තහනම් අවි ආයුධ වන කඩු කිහිපයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබාදුන් තොරතුරු අනුව ඔහුට එකී ආයුධ ලබාදුන් බවට තොරතුරු අනාවරණය වූ සැකකරුවකු සන්තකයේ තිබී ඒ. ටී. එම්. කාඞ්පතක් හමුවූ බවත් කුරුණෑගල ප‍්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් විසින් නිකුත් කළ එකී ඒ. ටී. එම්. කාඞ්පත ඔස්සේ සිදුකළ විමර්ශනවලදී ඒ බව අනාවරණය වූ බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතත් ඒ. ටී. එම්. කාඞ්පතේ හිමිකරුවන සැකකාර සාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට නොගන්නේ කුමන බලපෑමක් නිසා දැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චානක අබේවික‍්‍රම මහතා එහිදී විමර්ශන  නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

ඊළ`ග නඩු දිනයේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එම නඩුව ලබන දෙසැම්බර් 11 වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා විමර්ශන විධිමත්ව පවත්වා ප‍්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

නීතිඥ නිලූෂි උයන්වත්ත, නීතිඥ අමාදි සේනාරත්න හා නීතිඥ සමන් දිසානායක යන මහත්ම මහත්මීහු සම`ග ජ්‍යෙෂ්ඨ නීතිඥ චානක අබේවික‍්‍රම මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More