දේශීය පුවත්

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ පරීක්ෂණ සඳහා තිබූ හෙරොයින් මත්කුඩු පිටතට ගෙන යන බව පරීක්ෂණවලින් හෙළිවෙමින් තිබෙන බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.

මෙම මත්කුඩු අතට අසු වෙන ප‍්‍රමාණයන් මෙසේ පිටතට රැුගෙන යන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනා හෙළි කරන තොරතුරු ඔස්සේ දැනටමත් රහස් පොලිස් පරීක්ෂණ සිදු කරගෙන යන අතර ඉදිරි දින කීපය තුළ වැදගත් තොරතුරු රැුසක් හෙළි විය හැකි බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු කාර්යාලයෙන් හෙරොයින් පැන්නීම මේ ආකාරයට කොපමණ කාලයක් කරගෙන ගියේ දැයි සැකයක් පවතින බව ද අධිකරණයට ඉදිරිපත් කරද්දී මත්කුඩු ප‍්‍රමාණය අඩු වීමත් එම මත්කුඩුවලට පාන් පිටි මිශ‍්‍ර කිරීම පිළිබඳව ද ප‍්‍රශ්නවලට මුහුණපාන බව ද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.

මේ අතර රජයේ රස පරීක්ෂක කාර්යාලයේ සේවකයන් දෙදෙනා ළඟින් ඇසුරු කළ බව කියන බලංගොඩ ප‍්‍රදේශයේ තරුණයකු ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ සඳහා ගබඩා කර තිබෙන මත්කුඩු විශාල තොග අඩංගු පාර්සල්වලට දිවා රාති‍්‍ර දෙකේම විශේෂ රැුකවරණ යොදා තිබියදී මෙම මත්කුඩු හොරෙන් පිටතට රැුගෙන යන ආකාරය ආරක්ෂක ලේකම්වරයාට ද ප‍්‍රශ්නයක් වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More