දේශීය පුවත්

මොහොමඞ් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් පැවති ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් පැවැත්වූ පුහුණු කඳවුරු සහ වැඩමුළු 9 කදී පුද්ගලයන් 60 ක් 70 ක් අතර පිරිසකට අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය පිළිබඳව මෙන්ම අන්තවාදය පිළිබඳව ද දේශන පවත්වා ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බව වාර්තා වේ.

එම කඳවුරුවලදී ටී 56 සහ පිස්තෝලය යන ගිනිඅවි පිළිබඳව ද බෝම්බ සකස් කිරීම, අන්තවාදය සහ අයි. එස්. අයි. එස්. සංවිධානය පිළිබඳව ද දේශන පවත්වා ඇත. මෙම සෑම කඳවුරකදීම අන්තවාදය පිළිබඳ දේශනය පවත්වා ඇත්තේ 2019 අපේ‍්‍රල් 21 දා එල්ල වූ ස්වයං ඝාතක ප‍්‍රහාරයේ ප‍්‍රධාන චූදිතයා වන සහරාන් විසිනි.

මෙම කඳවුරු 2018 වර්ෂයේ සිට පවත්වා ඇති අතර, නුවරඑළිය ප‍්‍රදේශයේදී කඳවුරු 2 ක් ද, හම්බන්තොටදී 1 ක් ද, වනාතවිල්ලූවේදී 1 ක් ද, මහනුවරදී 1 ක් ද, තොප්පුර්වලදී 1 ක් ද, රඹෑවෙදී 1 ක් ද පවත්වා ඇති අතර, හිඟුල සහ මල්වාන ප‍්‍රදේශවලද වැඩමුළු පවත්වා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More