දේශීය පුවත්

ත්‍රිවිධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන හැටපහක නිරෝධායන වන පිරිස සීමාව ඉක්මවා සිටින බැවින් විදෙස් රටවලින් ගෙනඑන පිරිස තවදුරටත් රැඳවීමේ ගැටලුවක් මතු වී ඇත.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් විදේශ රටවල සිට මෙරටට ඒමට සූදානමින් සිටින 55,000ක් වන ශ්‍රී ලාංකිකයන් පිරිස ක්‍රමානුකූලව රැගෙන ඒමේ අවශ්‍යතාවක් මතුව ඇතැයි අනාවරණය වේ.

සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන් හා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය ඊයේ (26 වැනිදා) පස්වරුවේ පැවැත් වූ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව අනාවරණය කර ඇත.

රටවල් 105කින් මේ වන විට ශ්‍රී ලාංකිකයන් 26,000ක් මෙරටට ගෙනවිත් ඇත. ඉන් 7102ක් මධ්‍යස්ථාන 65ක තවමත් නිරෝධායනය වන බවත් අනාවරණය විය.

කොවිඩ් මර්දනය හමුවේ ශ්‍රී ලංකාව ලොව ඉදිරියෙන්ම සිටියද ජනතාව තුළ තවදුරටත් රෝගය ව්‍යාප්තවීම පාලනය කරගැනීමට අවශ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක විය යුතු බවද සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි පෙන්වා දී ඇත. මෙම තත්ත්වය මත ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග රටවල් කිහිපයකින් ශ්‍රී ලාංකිකයන් ගෙන ඒම අත්හිටුවනු ලැබ තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More