දේශීය පුවත්

මෙරට බුද්ධි අංශ විසින් අසාදු ලේඛන ගතකළ LTTE සාමාජිකයකු සහ එම සංවිධානයට උපකාර කළ පුද්ගලයින්ගේ නම් දෙකක් අසාදු ලේඛනයෙන් ඉවත් කරන්නැයි පසුගිය රජයේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා තමාට බලපෑම් කළ බව එවකට ජාතික බුද්ධි ප්‍රධානී තනතුරේ වැඩ බැලූ වත්මන් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි කර්නල් ශම්මි කුමාරත්න මහතා අද (26) අනාවරණය කළේය.

දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ කරුණු දක්වමින් ඔහු ඒ බව අනාවරණය කළේය.

2015 යහපාලන රජය බලයට පත්වීමෙන් පසු පුරප්පාඩු වූ ජාතික බුද්ධි ප්‍රධානී තනතුරේ එවකට හිටපු ආරක්ෂක ලේකම් B.M.U.D.බස්නායක මහතාගේ උපදෙස් මත තමන්ට ජාතික බුද්ධි ප්‍රධානී තනතුරේ කටයුතු ආවරණය කිරීමට සිදු වූ බව බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි කර්නල් ශම්මි කුමාරත්න මහතා අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.

එහිදී ජාතික බුද්ධි ප්‍රධානියා වශයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ත්‍රස්ත මර්දන  ක්‍රමෝපායක් ලෙස අනුමත කරන ලැබූ 13/73 ප්‍රඥප්තියේ ලේඛනයට ඇතුළත් වන ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින් මෙන්ම ත්‍රස්ත සංවිධානවලට සහය ලබාදෙන පුද්ගලයින්ගේ නාම ලේඛනය සකස් කිරීම සිදුකළ බව ඔහු පැවසීය.

ඒ අනුව එවක ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ B.M.U.D. බස්නායක මහතාට තමා එම ලේඛනය ඉදිරිපත් කළ විට විදේශ අමාත්‍යවරයා හමුවන ලෙසට උපදෙස් දුන් බවත්, ඒ අනුව මංගල සමරවීර මහතා හමු වූ විට ඔහු කිසිදු සොයාබැලීමකින් තොරව ඉතා උස් ස්වරයෙන් මෙය රාජපක්ෂ රෙජිමයක් නොවන බව මතක තබාගන්නැයි සඳහන් කළ බවත් කර්නල් ශම්මි කුමාරත්න මහතා අනාවරණය කළේය.

එම අසාදු ලේඛනයට ඇතුළත්ව තිබූ එම්මානුවෙල් පියතුමාගේ සහ සුරේන් සුරේන්ද්‍ර යන අයගේ නම් දෙක සම්බන්ධයෙන් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළ බව සාක්ෂිකරු පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම්මානුවෙල් පියතුමා සහ සුරේන් සුරේන්ද්‍රන් යන අය තමාගේ මිතුරන් බවත්, පසුගිය කාලයේ තමන් එංගලන්තයට ගොස් සිටියදී ඔවුන් තමාට සුහදව සැළකූ බවත් මංගල සමරවීර මහතා තමාට පැවසූ බවය.

“ඔවුන් ඒ කාලයේ LTTE වෙන්න පුළුවන්. නමුත් දැන් ඒගොල්ලො LTTE නැහැ, තමුසෙලා පසුගිය කාලයේ මේ ලේඛන හැදුවේ ගෝඨාභයගේ ටෙලිෆෝන් කෝල් එකකින් ආපු නම් දාලා” යනුවෙන් තමාට මංගල සමරවීර මහතා ප්‍රකාශ කළ බවද ඔහු තවදුරටත් අනාවරණ කළේය.

මෙම සාකච්ඡාවේ දී තමන් මංගල සමරවීර මහතාට කරුණු දැක්වීමට යාමේදී අජිත්. පී පෙරේරා මහතා තමාට අතින් නිහඬ වන ලෙසට සංඥා කළ බවත්, අනතුරුව එම සාකච්ඡාව පැවති ස්ථානයෙන් නැගිට පිටව යාමට පෙර මංගල සමරවීර මහතා  ” Dont send it to me, i will catch you” යනුවෙන් සඳහන් කළ බවත් කර්නල් ශම්මි කුමාරත්න මහතා කොමිසම හමුවේ කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More