දේශීය පුවත්

ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර ඇති අතර එහි ප්‍රතිඵල කඩිනමින් තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් හමුවේ ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) පෙරවරුවේ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරුන්ට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“අපි රාජ්‍ය අමාත්‍යාංශ හැදුවේ වෙනත් විදිහකට. වැඩ කරන්න පුළුවන් විදිහට හැදුවා. පානීය ජලය රටේ ලොකු ප්‍රශ්නයක්. අපි මේක විසඳන්න ඕනේ.
අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුම් හොයන්න ඕනේ.”

“ආර්ථිකය මෙහෙයවීමට ලොකු අවධානයක් යොමු කළා. කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යංශවල පහළටම ගිහින් අපි රාජ්‍ය අමාත්‍යාංශ වෙන් කරලා තියෙනවා. වැව් ප්‍රතිසංස්කරණයට රාජ්‍ය අමාත්‍යාංශ වෙන් කළා. වෙනම ආයතන, ප්‍රතිපාදන ඍජුව වෙන් කළා.”

“පස් වසරක සැලැස්මක් සෑදීම ලේකම්වරුන්ගේ වගකීමක්. ඉලක්ක ළඟා කරගැනීම අපේ අරමුණයි.”

“මිනිස්සුන්ට දේශපාලනඥයෝ ගැන විශ්වාසයක් නැහැ. රාජ්‍ය සේවය ගැනත් මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. රටක් දුවන්න තියෙන්නේ මේ දෙකෙන්.මැතිවරණ ප්‍රතිඵලයෙන් කියන්නේ මේක. මිනිස්සු විශ්වාස කරනවා වෙනස්කම් ඇතිවෙලා ජනතාවට සේවය කරන දේශපාලන සංස්කෘතියක් රාජ්‍ය සේවයක් ඇතිවෙයි කියලා.”

“කෘෂි, වැවිලි හා ධීවර කර්මාන්තයේ අය නිසයි රජයක්, රටක් අපි දුවවන්නේ. වතුර හා පොහොර දෙන්නේ ගොවියාට නෙවෙයි. රට වෙනුවෙන් අපි පොහොර දෙන්නේ. ඒක නැත්නම් අපිට පඩි ගෙවන්නත් බැහැ.”

“වළං හදන අය, කුඩා තේ වතු හිමියෝ විනිමය ගේනවා. ධීවරයින්ගෙන් රටේ අය යැපෙනවා. වීවලට සහතික මිලක් දෙන්න අපි කොච්චර වෑයමක් දරනවද?”

“රාජ්‍ය සේවයෙන් කරන්නේ හදපු වී බෙදන එක. ගොවියා මහන්සි වෙලා ලබාදෙන හාල් පාරිභෝගිකයාට ලබාදෙන එක අපි කරන්නේ.”

“වෙලාවට වතුර, පොහොර දෙන්න බැරිනම් වැඩක් නැහැ.”

“අපිට ඉක්මනට ප්‍රතිඵල ඕනේ. ලේකම්වරයෙක්ව සිටියදී මම හරි තීරණ ගත්තා. උසාවි ගිහින් ඔක්කොම වෙලා අන්තිමට ජනාධිපති වුණා. හරි තීරණ ගත්තාම වරදින්නේ නැහැ. ඒක ස්වභාවධර්මයෙන් හැදිලා තියෙන්නේ.”

“හරි තීරණ ගත්තොත් මුකුත් කරන්න බැහැ. බය නැතුව තීරණ ගන්න. ඒ වෙනුවෙන් මම ඉන්නවා.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More