දේශීය පුවත්

දෙමළ ජනතාව ලංකාවේ මුල් පදිංචිකරුවන් බවට විග්නේෂ්වරන් මන්තී‍්‍රවරයා කර ඇති ප‍්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් කර ඇති එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමා අභියෝග කර සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේ ඊයේ (25 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.

” නම වන පාර්ලිමේන්තුව රැස්වුණු පළමු දිනයේ කථානායකට සුබ පැතීමට නැගී සිටි සී.වී. විග්නේෂ්වරන් මන්ත‍්‍රීතුමා බොරු වැලක් පැවසුවා. දෙමළ භාෂාව ලොව පැරණිතම සජීවී භාෂාව බවත් ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව බවත් ඔහු පැවසුවා. එතුමාගේ ප‍්‍රකාශය වැරදි බව ඔප්පු කළ හැක්කේ එයට විරෝධය පළ කිරීමෙන් නොවේ. එය බොරුවක් බව අප කරුණු සහිතව සනාථ කිරීමෙන්. දෙමළ ජනතාව කියන්නේ දෙමළ භාෂාව බිහි වුණේ ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ බවයි. නමුත් චීන අරාබි ග‍්‍රීක සහ බාස්ක් වැනි භාෂා ඊටත් වඩා පැරණි බව වාග් විද්‍යාඥයින්ගේ මතයයි.

මෙහි වඩාත් භයානක ප‍්‍රකාශය වන්නේ ශ‍්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව බවට එතුමන් කළ ප‍්‍රකාශයයි. එය කිසිම පුරාවිද්‍යාත්මකව ඉතිහාසගත සාක්ෂි මත ඔප්පු කළ නොහැකි පට්ටපල් බොරුවක්. ලන්දේසි යුගයේදී යාල්පානම් වෛපමාලෙයි ග‍්‍රන්තය ලන්දේසීන් විසින් රචනාකරවා ගන්නා තුරු දෙමළ ජනතාවට ඉතිහාස පොතක් වත් තිබුණේ නැහැ. එම නිසා සී. වී. විග්නේෂ්වරන් මහතාගේ මේ ප‍්‍රකාශයට විරෝධය පළ කිරීමෙන් එය බොරුවක් බවට පත් වන්නේ නැහැ. බොරුවක් වන්නේ එය බොරුවක් බව ඔප්පු කිරීමෙන් ම පමණයි. එතුමා ප‍්‍රකාශ කරන්නේ පට්ටපල් බොරුවක් බව ඔප්පු කිරීමට මා සූදානම්. එබැවින් ශ‍්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව ද කියන කාරණය පිළිබඳව මා සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙස සී. වී. විග්නේෂ්වරන් මන්ත‍්‍රීතුමාට මා අභියෝග කරනවා. එතුමා සතු සියලූම සාක්ෂි රැුගෙන එන්න. ඒ සියල්ල පදනම් විරහිත බව ඔප්පු කිරීමට මා සූදානම්.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More