දේශීය පුවත්

අලුත උපන් තම බිළිඳුු දරුවා මරණයට පත් වුණේ වඳ සැත්කම් සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් නොසැලකිලිමත් ලෙස කරන ලද සිසේරියන් සැත්කමක් හේතුවෙන් බව කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මියගිය බිළිඳු දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා මස 28 දින ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (26) නියම කළේය.

තම බිළිදු දරුවාගේ මරණය සැක සහිත බවට කුරුණැගල වැල්ලව රිකිල්ලගමුවේ පදිංචි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කැරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සැළකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ඒ අනුව කුරුණෑගල නාගරික සුසාන භූමියේ වළ දමා ඇති බිළිදු මළ සිරුර කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා සහ කුරුණෑගල අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ ගොඩ ගැනීමට නියමිතය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේදි මුවවරුන් පිරිසකට සැත්කම් සිදු කිරීම සහ අසීමිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකකයේ හිටපු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගනු ලැබීය. මෙම නඩුවේ වැඩිදුර විභාගය 2020-12-11 වන දිනට කල් තබනු ලැබීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More