නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුව තුල පවත්වන ලද වැඩමුළුවකදී අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් මතු කරන ලද වරප්‍රසාද වලට අදාළ ප්‍රශ්ණයකට පැත්තක සිට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ සමාජයේ සාකච්ඡාවක් ඇති වී ඇත.
ඔහු සඳහන් කරන්නේ යමෙකුගේ සිතුවිලි ප්‍රකාශ කිරීම නීතියට පටහැනි දෙයක් නොවන බවය. ලංකා ලීඩ් විසින් එම ප්‍රකාශය පිළිබඳව ජාතික සංවිධාන මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතයයි.
” 6 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මන්ත්‍රීවරයෙකුට පමණක් නොවේ ඕනෑම පුරවැසියෙකුට තමන්ට හිතෙන හිතෙන දේවල් ප්‍රකාශ කරන්න බැහැ. බෙදුම්වාදයට පක්ෂපාතීවන අදහස් සිතට ආ පමණින් ප්‍රකාශ කරන්න බැහැ. එහෙම ප්‍රකාශ කළොත් නීතිපතිවරයා මඟින් අධිකරණමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්, විග්නේශ්වරන්ගේ මානසික තත්වය පරික්ෂා කරන්න වුනත් පුළුවන්. නමුත් ඔහු කියපු දේ මඟින් බෙදුම්වාදය සෘජුව ප්‍රචලිත කරන බවක් ඔප්පු කළ නොහැකි බැවින් ඔහුට මේ වතාවේ බේරෙන්න පුළුවන්. ඒක ඔහුට උදව්වක් ලෙස වෛද්‍ය පරීක්ෂණය නම් රජයේ වියදමින් කළාට කමක් නැහැ. ”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...