එක්සත් ජාතික පක්ෂ නායකත්වය බාරගැනීම සම්බන්ධයෙන් අද (26) හෝ හෙට (27) තවත් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට හිටපු කතානායක කරු ජයසූරිය මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.
ඊයේ (25) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කරු ජයසූරිය මහතාගේ නම පක්ෂ නායකත්වය සදහා යෝජනා වූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර තිබුණේ පක්ෂයේ සාමාජිකත්වය හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය නොදරන පුද්ගලයකුට පක්ෂ නායකත්වය ලබා දීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවකි.
කෙසේවෙතත් කරු ජයසූරිය මහතාගේ ස්ථාවරය වී ඇත්තේ තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු බවත්, කිසිදු අවස්ථාවක සාමාජිකත්වයෙන් ඉවත්ව නොමැති බවත්ය.
ඒ අනුව ඒ පිළිබද සිය ස්ථාවරය සදහන් කරමින් ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...