දේශීය පුවත්

පසුගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ බන්ධානාගාර තුළ රඳවා තබාගෙන සිටි රැඳවියන් තිදෙනෙකු සිය දිවි හානි කරගත් බව බන්ධනාගාර අධිකාරී තුෂාර උපුල්දෙණිය මහතා මාධ්‍යය වෙත පවසා සිටී.ඔවුන්ගෙන් දෙදෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගරයේ රඳවා සිටි අය වූ අතර එම දෙදෙනාගෙන් එක් අයකු තහනම් මත් වතුර වෙත ඇබ්බැහි වූවෙකු බව උපුල්දෙණිය මහතා පවසා සිටි අතර අනෙකා බරපතල ලෙස හෙරොයින් වලට ඇබ්බැහි වූවෙකු බව පවසා සිටී.

මිය ගිය තුන්වැනි රැඳවියා මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි අයෙකු වන අතර ඔහුද මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වී අක්මා ආබාධයකට ලක්ව සිටි අයෙකු බවද උපුල්දෙණිය මහතා පවසයි.

මේ අතර බන්ධනාගාර මාධ්‍යය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසා සිටින්නේ මේ වන විට බන්ධනාගාර නිළධාරීන් සහ විශේෂ කාර්ය බලකාය එක්ව බන්ධනාගාරය තුළ පවත්වා ගෙන යන ආරක්ෂක විධිවිධාන හේතුවෙන් බන්ධනාගාරය තුළට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යය මෙන්ම වෙනත් දෑ රැගෙන ඒමට ඇති බාධක හමුවේ බන්ධනාගාරය මත්ද්‍රව්‍යය වලින් තොර කලාපයක් බවට පත්වී තිබීම හේතුවෙන් දැඩි ලෙස මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූ රැඳවියන් බරපතල ලෙස අපහසුතාවයට පත්ව සිටින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More