සියලූ පෞද්ගලික න්‍යාය පත‍්‍ර පසෙකලා ජනතාව අපේක්‍ෂා කරන ව්‍යවස්ථා වෙනසකට දායක වන ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ නවක මන්ත‍්‍රීවරුන්ගෙන් ඊයේ 25වැනිදා ඉල්ලා සිටියේය.
අඩසියවසකට ආසන්න කාලයක් රට පාලනය කළ මෙම ව්‍යවස්ථාව දැන් කාලීනව සංශෝධනය විය යුතු බවත්, ජනතාව ඉල්ලා සිටින ව්‍යවස්ථාව හදන ක‍්‍රියාවලියේදී දේශපාලන පක්‍ෂ බේදයක් තබා නොගන්නා ලෙසත් අගමැතිවරයා එහිදී පැවසීය.
පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත් වූ මන්තී‍්‍රවරුන්ට පිළිවෙත් හඳුන්වා දීම නිමිත්තෙන් පාර්ලිමේන්තු කමිටු කාමර අංක 01 හිදී ඊයේ පැවැති වැඩමුළුවේදී අගමැතිවරයා එසේ කීය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසීය.
දැවැන්ත ව්‍යවස්ථා වෙනසක් ජනතාව අපේක්‍ෂා කරනවා. ඉතිහාසයේ සිදු වුණු වැරැුදි අලූත් ව්‍යවස්ථාවෙන් නිවැරදි කර ගනීවි කියලත් ජනතාව බලාපොරොත්තු වෙනවා. අපි සියලූ දෙනා පෞද්ගලික න්‍යාය පත‍්‍ර පසෙකලා ජනතාවගේ බලාපොරොත්තු පළමුව ඉටු කරන්න ඕනෑ.
1977 ඉඳන් මේ දක්වා අඩසියවසකට ආසන්න කාලයක් රට පාලනය කළ ව්‍යවස්ථාවක් තිබෙන්නේ. මෙය කාලීනව සංශෝධනය විය යුතුයි. මෙම ව්‍යවස්ථා සංශෝධනය අපේ වගකීමක්. ව්‍යවස්ථාවේ තිබෙන හැම කොමාවක්ම, නැවතීමේ තිතක්ම අපේ ජීවිතවලට බලපානවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...