විෂ සහිත ෆාම්තෙල් ආනයනකය කොට පොල්තෙල් වලට මිශ්‍ර කොට විකිනීම නිසා පොල් කර්මාන්තයට සහ මහජන සෞඛ්‍යට සිදුවන අනර්තය වැලැක්වීම සදහා ජනාධිපතිතුමාගේ නියමයෙන් 21.5.2020 නිවේදනය යටතේ සියලුම ෆාම්තෙල් (පරිපහදු කළ සහ නොකල) වල විශේෂ පරිබෝජන බද්ද කි.ගෑ 1කට රු. 350 දක්වා වැඩිකරන ලදි.
නමුත් ඊට පසුව ආනයනකරැවන්ගේ බලපෑම මත නිළධාරින් විසින් ඉතා සුක්ෂමව 26.06.2020 නිවේදනය මගින් එම බද්ද පිරිපහදු නොකල ෆාම්තෙල් සදහා රැ 250ක් සහ පිරිපහදු කළ තෙල් සදහා 275ක් වශයෙන් සංශෝධනය කොට ඒවා ආනයනය තහනම් කරනු ලැබීය.
එහිදි බදු නැවත අඩු කිරිම සාදාරණිකරනය කරනු ලැබුයේ ව්‍යාජ ලෙස තහනම් කිරිමේ මුවවෙන් බව දැන් පැහැදිලි වි ඇත.
ඒ අනුව මහා සමාගම් දෙකක් අඩුකළ බදු යටතේ වටිනාකම් එකතුකොට අපනයන කිරිමේ ව්‍යාජ හේතු දක්වා “බොන්ඩ්ඩි ගබඩා” යටතේ පිරිපහදු නොකළ විෂ සහිත ෆාම්තෙල් මෙ.ටො 35000ක් ආනයනය කොට වෙළදපොලට නිදහස් කොට ඇති බව වාර්ථා වේ.
ඊට අමතරව පොල්තෙල් ආනයන බද්ද රු.295 සිට 125 දක්වා අඩු කිරිම නිසා සහ ලෝකවෙළදපලේ ෆාම්තෙල් මිල පහත වැටි ඇති නිසා දැන් ඉතා විශාල වශයෙන් පොල්තෙල් නාමයෙන් ෆාම්තෙල් මිශ්‍රකළ පොල්තෙල් ආනයනය කොට වෙළදපලට නිකුත් කරන බවද වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...