එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය එළඹෙන සැප්තැම්බර් පළමු සතියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට තීරණය වූ බව එම පක්ෂය පවසයි.
එම තීරණයට එළඹ ඇත්තේ අද (25) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.
පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය පිළිබඳ මෙහිදී සාකච්ඡාවී තිබේ.
පක්ෂ නායකත්ව අභියෝගය භාරගැනීමට සූදානම් යැයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ යවා තිබූ ලිපිය පිළිබඳව ද මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය අවධානය යොමු කළ බව වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...