දේශීය පුවත්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පත්කළ අවුල ලිහා ගැනීම සඳහා මිස ඔවුන්ට අලුත් තනතුරු ලබාදීමට නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊයේ වත්තල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතරතුර මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රට ගැන සිතා ගෙන ආ සංශෝධනයක් නොවන බවත්, එය ගෙන ආවේ අන්තවාදී දේශපාලන පක්ෂවල වුවමනාවට අනුව බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා. එනිසා එම සංශෝධනය අනිවාර්යෙන් වෙනස් කළයුතු බව පවසන රණතුංග මහතා පෙන්වා දෙන්නේ 20 වැනි සංශෝධනය ගෙන එන්නේ ඒ සඳහා බවයි.

20 වැනි සංශෝධනය හරහා එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය පරිදි නව තනතුරු නිර්මාණය කිරීමක් කිසිසේත්ම සිදු නොවන බව ද ඇමතිවරයා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිටින පක්ෂවලට පොරොන්දු වූ තනතුරු සියල්ල ලබා දි ඇති බවත් හිටපු ජනාධිපතිවරයාට තවත් දීමට කිසිදු තනතුරක් නොමැති බවත් ඔහු පවසයි. ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් තබා සාකච්ඡාවක් හෝ සිදුකර නොමැති බව ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂමහතා සහ හිටපු ජනපති මත්‍රෛීපාල සරිසේන මහතා සමග කළ සාකච්ඡාවකදී උප අගමැති තනතුර ස්බන්න්ධව කථිකාවතක් ඇති වී තිබෙන බවත් මහින්ද රාජපක්ෂමහතා විසින් එම යෝජනාව කළ බවටත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ විය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More