දේශීය පුවත්

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉන්දියාවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බැවින් එම පොරොන්දුව මත පිහිටා ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

“13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පොරොන්දු ලබාදී තිබුණත් ඒවා ඉටු වුණේ නෑ. එය ක්‍රියාත්මක කළ යුතුයි. මේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් අවශ්‍යයි. ඒ නිසා මේ ප්‍රශ්න විසඳීම සඳහා ඉන්දියාවේ දායකත්වය දිගටම ලැබිලා ඒක ක්‍රියාත්මක කරයි කියලා මම විශ්වාස කරනවා. 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඉන්දියාවට ශ්‍රී ලංකා රජය පැහැදිලි පොරොන්දුවක් දී තිබෙනවා. ඒ පොරොන්දු මත ක්‍රියාමාර්ග සිදුවිය යුතුයි කියන එක තමයි අපේ  ස්ථාවරය. එය සිදුවිය යුතුයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ආර්. සම්බන්ධන් මහතා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More