නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුමය කළමනාකරණය කිරීම සඳහා කාර්ය සාධක බලකාය සඳහා තව සාමාජිකයින් 4දෙනෙකු පත්කර තිබෙනවා.
අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමි, මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල හිමි, අස්ගිරි පාර්ශවයේ මහ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික ගෞරව ශාස්ත්‍රවේදී අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල හිමි එලෙස පත් කර ඇත.
ඒ අනුව පසුගිය ජුනි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම කාර්යසාධක බලකාය සඳහා සාමාජිකයින් 12 ක් බවට පත්වනවා. අදාල පත්වීම් කරනු ලැබ ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. මේ සම්බන්දයෙන් පී.බී. ජයසුන්දර මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් බොහොමයක් බෞද්ධ ආගමික පසුබිමකට උරුමකම් කියන බැවින්, මහා සංඝ රත්නයේ අනුශාසකත්වය ලබාගෙන ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...