කාර්යාලවල රථවාහනවල මෙන්ම නිවෙස්වල මේස මත පවා හිස් මධ්‍යසාර වීදුරු බෝතල්වල ජලය බීමට ගැනීමට ගබඩා කර තබා ගැනීම මේ වනවිට සම්ප්‍රදායක් වී තිබේ.
මෙම සම්ප්‍රදාය වෙනස් කිරීම සඳහා කඩිනම් විසඳුමක් ලබාදීමට දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය තීරණය කර තිබෙනවා. ඉතා දැකුම්කළු හා හුරුබුහුටි ,පහසුවෙන් අතේ ගෙනයා හැකි “මැටි බෝතලයක්” හදුන්වාදීම මෙම වැඩපිළිවෙලේදී සිදුවන බවයි එම අධිකාරියේ සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී පූර්ණ එකඟතාවද හිමිව ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. අමාත්‍යවරයා සමග මූලික සාකච්ඡාව ඊයේ දිනයේ සිදුකර ඇති අතර රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යාංශයේ සෙසු කණ්ඩායම් මෙන්ම මෙම කරුණට අදාල සෙසු සම්පත් දායකයින්ගේද සභාගීත්වයෙන් මීලග සාකච්ඡාව කඩිනමින් පවත්වන බවද දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...