දේශීය පුවත්

“රට තුළ ජීවත්වන ලාංකීකයන්ට සිද්ධවෙනවා තවදුරටත් ඉතාමත් පරිස්සමින් ජීවත්වෙන්න. එක සුළු වැරැද්දකින් යළි කොරෝනා සමාජගත වීමට හැකියාව තියෙනවා. සෑම විටම කොවිඩ් සාමාජිකයෙක් තමන්ගේ ඉදිරියේ සිටින බව සිතාගෙන ආරක්ෂා සහිතව ජීවත් වෙන්න. රටේ ජනතාවට යම් විශ්වාසයක් ඇවිල්ලා ඇති රට කොවිඩ් පරාජය කළා කියලා. ඒක සහතිකයක් වෙන්න බැහැ. මේක වෛරසයක්. මේක කොයි වෙලාවක මතුවෙයි ද කියලා කිසිවෙකුටත් කියන්න බැහැ….“ යනුවෙන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අනතුරු අගවා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

විදෙස් රටවල කොවිඩ්-19 වසංගත තත්ත්වය පහව ගොස් නොමැති බැවින් මෙරට කොවිඩ් තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කළ නොහැකි බවද යුද හමුදාපතිවරයා කීය.

ඔහු පෙන්වාදෙන්නේ, පසුගිය අප්‍රේල් 30 වන දිනෙන් පසු දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් කොවිඩ්-19 රෝගියෙකු හඳුනාගෙන නොමැති බවය.

එහෙත් විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින්ට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මෙරට කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More