ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ මෙරට තරුණයන් සිවුදෙනකු මාලදිවයිනට ගොස් ඔවුන්ගේ මතවාද ඉදිරිපත් කරන බවට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දැනුවත් කොට ඇතැයි හිටපු බුද්ධි ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු කොමිසම හමුවේ පැවැසීය.
කොමිසම අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (24 වැනිදා) ඔහු සඳහන් කළේ පසුගිය වසරේ මැයි මස 18 වැනිදා වැඩබලන පොලිස්පතිට ලිපියක් යොමුකරමින් ඒ පිළිබඳව අවධාරණය කළ බවයි.
මෙම පුද්ගලයන් සිවුදෙනා මාලදිවයිනේ පාසල්වලට ගොස් එම ශිෂ්‍යයන්ට ඔවුන්ගේ මතවාද ඉදිරිපත් කර ඇති බවට තොරතුරු ලැබී තිබූ බවද ඔහු සඳහන් කළේය.
එසේම මෙම පුද්ගලයන් සිවුදෙනා පදිංචි ලිපිනයන් පිළිබඳව නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බවද ඔහු කියයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...