රජය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ රට හෝ ජනතාව වෙනුවෙන් නොව බැසිල් රාජපක්ෂ මහතා නැවතත් පාර්ලිමේන්තුවට ගෙනවිත් රාජ්‍ය පාලනයට එක් කර ගැනීමට යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා පැවසීය.
සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (24දා) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටි තිස්ස අත්තනායක මහතා මේ වන විට රටේ මූලික අවශ්‍යතාව වී ඇත්තේ කොවිඞ් වසංගතයෙන් ඇදවැටී තිබෙන ආර්ථිකය ගොඩගැනීම යැයිද කීය. එහෙත් ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර 20 වැනි සංශෝධනය ගෙන එන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් බවත්, ඔහු නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒම සහ කැබිනට් මණ්ඩලයට සම්බන්ධ කර ගැනීම එහි අරමුණ බවත් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
ද්විත්ව පුරවැසිකමක් තබා ගෙන පාර්ලිමේන්තුවට පත්වීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවත්, එවැන්නකු බැඳී සිටිනුයේ කුමන රටක් වෙනුවෙන්ද යන්න ප‍්‍රශ්නයක් බවත් පැවසූ තිස්ස අත්තනායක මහතා, එම්.සී.සී ගිවිසුම වැනි තත්ත්වයකදී එවැනි පුද්ගලයින් කි‍්‍රයා කරන්නේ කුමන රට වෙනුවෙන්ද වැනි ගැටලූ ඇතිවන බවද කියා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...