පසුගිය අගෝස්තු 17 වනදා රටම පැය 6කට වඩා අඳුරේ තැබීමට හේතු වූ කෙරවලපිටිය බලාගාරයේ සිදුවූ බිඳ වැටීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පත් කළ කමිටුවේ වාර්තාව අමත්‍යවරයා වෙත භාර දුන් බව විදුලි බල අමාත්‍යාංශය පවසා සිටී. ඩලස් අලහප්පෙරුම අමාත්‍යයවරයා විසින් මහාචාර්ය රාහුල අත්තලගේ මහතාගේ නායකත්වයෙන් යුතු 9දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරණු ලැබුවේ මෙවැනි විදුලිය බිඳ වැටීමක් නැවත සිදුවීම වැලැක්වීම පිණිස ගතයුතු ක්‍රියා මාර්ග මොනවාදැයි සොයා බැලීමද අරමුණු කර ගනිමිනි.
විදුලි බල අමාත්‍යාංශය පවසන්නේ කමිටුව අගෝස්තු 18 වනදා සිට වැඩ කටයුතු ආරම්භ කළ අතර විදුලිය බිඳ වැටීමට හේතු වූ සියළු කාරණා පිළිබඳව සොයා බලනු ලැබූ බවයි.
වාර්තාව ඩලස් අලහප්පෙරුම අමාත්‍යයවරයා විසින් විශේෂ විමර්ෂණයකට ලක් කරන අතර අගෝස්තු 26 රැස්වීමට නියමිත කැබිනට් මණ්ඩලයට වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...