දේශීය පුවත්

වැලිගම නගර සභාවේ නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලිඛිතව දන්වා ඇතැයි රෙහාන් ජයවික්‍රම මහතා පවසයි.

රෙහාන් ජයවික්‍රම මහතා මේ බව පවසා සිටියේ වැලිගම නගර සභාවෙන් තමා ඉවත් කළ බව එජාප මහ ලේකම්වරයා දැන්වූ බව මාධ්‍යය දැනුවත් කිරීමට පැවැති මාධ්‍යය සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් රෙහාන් ජයවික්‍රම මහතා පවසා සිටියේ “එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැන් කළ යුත්තේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය භාර දීමයි. එසේ කළ නොහැකිනම් එක්සත් ජාතික පක්ෂ නායකත්වය කළ යුතු වන්නේ කරු ජයසූරිය මහතාට නායකත්වය භාර දීමයි.” යනුවෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ” මට මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරියා විසින් මා වැලිගම නගර සභාවේ නගරාධිපති තනතුරෙන් පහ කළ බව ලිඛිතව දන්වා සිටියා. එම ලිපිය ලැබුණු පසුවයි මට වැලිගම නගරාධිපති තනතුරෙන් මා ඉවත් කළ බවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ලිපිය ලැබුනේ. අකිල විරාජ් කාරියවසම් මහතාට මට කිවයුතුව ඇත්තේ පක්ෂ සාමාජිකයාගේ අභිලාෂයන් තෘප්ත වන විදියට කටයුතු කිරීමේ වගකීම ඔහුට පැවරී තිබෙන බවයි. ඒ අනුව මම ඔහුට යෝජනා කරනවා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය වහා කැඳවා නව නායකයෙකු රහස්‍යය ඡන්දයෙන් පත්කරගන්නා ලෙස.” යනුවෙන් පැවසුවේය.තවද රෙහාන් ජයවික්‍රම මහතා අවධාරනය කරනු ලැබුවේ තමා මෙම ඉල්ලීම කරනු ලබන්නේ දිගු කාලීන එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයන් වන තමාගේ ඥාති පරපුරේ අභිලාශය වූයේ “අලියා” රැක ගැනීම වූ බව අවධාරණය කරමිනි . වයඹ පළාතේ හිටපු ආන්ඩුකාරයා වූ මොන්ටේගු ජයවික්‍රම මහතා රෙහාන් ජයවික්‍රම මහතාගේ පිය පාර්ශවයේ සීයා වන අතර හිටපු ආරක්ෂක ඇමතිවරයෙකු වූ ඝාතනයට ලක්වූ රන්ජන් විජේරත්න මහතා රෙහාන් ජයවික්‍රම මහතාගේ මව් පාර්ශවයේ සීයා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More