නව ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ගැන ආණ්ඩුව විසින් තවමත් නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
ඉදිරි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඕනෑම ධූරක් නිර්මාණය කළ හැකි නමුත් නියෝජ්ය අගමැතිධූරක් පිළිබඳ තවත් සාකච්ඡ කර නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරට පවසා සිටියේය.
ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ අතර එම කමිටුවේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...