දේශීය පුවත්

සහරාන් හෂිම් මහනුවර මුරුතලාව ප්‍රදේශයේ ඉඩමක යම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සූදානමින් සිටි බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමි පෙරේදා (22වැනිදා) පැවැසුවේය.

කොමිසම හමුවේ සාක්ෂි දුන් උන්වහන්සේ ප්‍රකාශ කළේ තම විහාරස්ථානය අවට බොහෝ ඉඩම් මුස්ලිම් ජනතාව මිල දී ගෙන තිබූ බවයි.

2016 වර්ෂයේ දී මුස්ලිම් ජාතිකයන් පස්දෙනකු විහාරස්ථාන අවට ඉඩමක් නිරීක්ෂණය කරන ආකාරය කුඩා හිමිනමක් විසින් ඡායාරූප ගත කර තිබූ බවද උන්වහන්සේ ප්‍රකාශ කළේය.

එම ඡායාරූපවල සහරාන් හෂීම් ද සිටි බව උන්වහන්සේ පවසයි.

එසේම කාත්තන්කුඩියේ සිට පැමිණි සහරාන් හෂීම් අදාළ ඉඩම මිල දී ගැනීමට විරුද්ධත්වයක් ඇත්ද යන්න තමන් වහන්සේගෙන් විමසා සිටි බවද ඒ හිමියෝ පැවැසූහ.

එම අවස්ථාවේ සහරාන් හෂීම් එම ඉඩමේ කිසිවිටක පල්ලියක් ඉදි නොකරන බවත් වෙනත් මධ්‍යස්ථානයක් ඉදි කරන බවටත් පැවැසූ බව ද කොමිසම හමුවේ ප්‍රකාශ විය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More