කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව ,මාල දිවයින සහ මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් 16ක , ශ්‍රී ලංකා විදේශ සේවා පනතේ විධි විධාන වලට පටහැනිව පසුගිය “යහපාලන” ආණ්ඩු සමයේ පත්වීම් ලබා සේවයේ නියතු 120කට ආසන්න කම්කරු සුභ සාධන නිළධාරින් පිරිසක් ආපසු ගෙන්වීමට තීරණය කර ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳ පොළ විවිධාංගකරන අමාත්‍යය ජයරත්න හේරත් පවසයි.
මේ අය සියළු දෙනා සුදුසුකම් රහිතව එම සේවාවල නියුක්තව ඇති බවත් ඔවුන් වෙනුවට සුදුසුකම් සැපිරූ එහෙත් පත්වීම් නොලද පොරොත්තු ලේඛනයේ සිටින පිරිස් යැවීමට බලාපොරොත්තු වන බවත් පවසයි.
අමාත්‍යයවරයාට අනුව පොරොත්තු ලේඛනයේ සිටින්නේ සුදුසුකම් සැපිරූ තානාපති සේවය සඳහා පුහුණු කළ නිළධාරීන් වන අතර ඔවුන්ගේ නාම ලේඛනය ජනාධිපතිවරයාගේ අනුමැතියට යවා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...