දේශීය පුවත්

කප්පම්කරුවන්ට බිය නොවී ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එන ලෙස දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටින බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.

ධීවර අමාත්‍යාංශයේදී ඊයේ (13 දා) වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.

දමිළ ඩයස්පෝරාව පසුගිය කාලයේ දෙමළ ජනතාව රවටන ලද දේශපාලනඥයන්ට හා විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යාතාවන්ට සිය ධනය යොදමින් රැුවටීම්වලට ගොදුරුවී සිටියා. එසේම කප්පම්කරුවන්ට බියවී තම මුදල් වැය කළා.

මෙම තත්ත්වය වත්මන් රජය අවබෝධ කරගෙන සිටිනවා. දමිළ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටින්නේ බිය නැතුව ව්‍යාපාර ආරම්භ කර පීඩාවට පත් උතුරු

නැගෙනහිර ජනතාවගේ දරුවන්ට රැුකියා අවස්ථා ලබාදීම සඳහා පූර්ණ ආරක්‍ෂාව ලබාදෙන්න වත්මන් රජය සූදානම්.

කැබිනට් මණ්ඩලයේ දෙමළ කතා කරන අයෙකු ලෙස සිටින්නේ මම වන අතර සාකච්ඡුා කොට ව්‍යාපාර ආරම්භ කරන්නේ නම් ඒ සඳහා සියලූ පහසුකම් ලබාදීමට රජය සූදානම්. ඒ වගේම මෙතෙක් කාලයක් දෙමළ ජනතාව රවටමින් ව්‍යාජ ජාත්‍යාලයක් පෙන්වා දෙමළ ජනතාව රවටා ඡුන්දය මංකොල්ල කෑ දේශපාලනඥයන්ගේ යුගය දැන් අවසන් කළ යුතු යැයිද ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More