අන්තර්ජාලා වෙබ් අඩවි කිහිපයක් පළ කළ වාර්තා අනුව බැසිල් රාජපක්ෂ මහතා නුදුරේදීම පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නියමිතය.ඒවාට අනුව 19 සංශෝධනය ඉවත් කරනු ලබන්නේ ද්විත්ව පුරවැසිභාවය දරන්නෙකුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පනවා ඇති තහනම ඉවත් කරනු පිණිසය.
ව්‍යවස්තා සංශෝධනය නිසි ලෙස සිදු වූ පසු පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යය තනතුරක්ද දැරීමට නියමිත බව එම වාර්තා වැඩි දුරටත් පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂ ප්‍රබලයෙකු පවසා සිටියේ බැසිල් මහතාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය ඉදිරියට දමා කටයුතු කිරීමට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් උත්සහා ගන්නේ 19 වන ව්‍යවස්තාව සංශෝධනය කිරීමේ වැදගත්කම සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීමට බවයි.
ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වුවද බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට කවුරුන් හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි අයෙකු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතුය.පැතිරී යන කට කතා වලින් කියවෙන්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි එක්තරා නළුවෙකු දැනටමත් ඒ සඳහා එකඟතාවය පළ කර ඇති බවයි. කෙසේ වුවද ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් මෙම කටකතා තරයේ බැහැර කරන බව පැවසේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...