දේශීය පුවත්

ගෝඨාභය – මහින්ද  සුසංයෝගයෙන් සෑදුණු වත්මන් ආණ්ඩුව යටතේ රට දෙකඩ කිරීමට කිසිවෙකුට ඉඩ නොලැබෙන බව සංචාරක ඇමති  ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ කොටි ඩයස් පෝරාවේ සිහින වත්මන් ආණ්ඩුව යටතේ කිසිසේත් ඉටු නොවන බවයි.

මිනුවන්ගොඩ උඩුගම්පොළ අද (23) පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. මිනුවන්ගොඩ ආසනයේ ශාඛා සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීම සදහා රැස්වීම කැදවා තිබිණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ මංගල සැසියේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට රට තුළ කථාබහක් ඇති වී තිබෙනවා. පහුගිය යහපාලන ආණ්ඩුවේ සිටි මන්ත්‍රීවරයෙක් එම කථාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා රටට අහිතකර ප්‍රකාශයක් කර ඇත්නම් එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතුයි. ඒ ගැන තර්කයක් නෑ. හැබැයි යහපාලන ආණ්ඩුව මේ රටේ බෙදුම්වාදය පෝෂණය කරපු ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ දි මේ වගේ සිද්ධීන් ගැන කට පියාගෙන හිටපු අය අද විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය හරහා වාසි ලබා ගන්න උත්සාහ කරනවා. විග්නේෂවරන්ලාගේ ප්‍රකාශ වලට පමණක් නොවෙයි ඔවුන්ගේ රට බෙදන මතවාද වලටත් අපි කිසිදු බුරුලක් දෙන්නේ නෑ. දැන් රටේ තියෙන්නේ බෙදුම්වාදය පෝෂණය කළ යහපාලන ආණ්ඩුව නෙමෙයි. ඒක ඔවුන් තේරුම් ගත යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ –  මහින්ද රාජපක්ෂ සුසංයෝගයෙන් කියන්නේ මේ රටේ වසර 30 ක් පැවති ත්‍රස්තවාදය අවසන් කරලා රට එක්සේසත් කරපු එකතුවක්. මේ රටේ ජනතාව මේ සුසංයෝගයෙන් නැවත බලයට පත් කළේ රටේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව පිළිබද හිතලයි. ඒ නිසා විග්නේෂ්වරන්ලා කොතරම් දැගලුවත් ඔවුන්ට ඔවුන්ගේ රට බෙදීමේ සිහින ඉටු කරගන්න කිසිදු ඉඩක් ලැබෙන්නේ නෑ.

ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුතු ආණ්ඩුව නැවත රට සංවර්ධනය කිරීමේ සංග්‍රාමය ආරම්භ කළා. මේ වන විට අපි නතරව තිබෙන සංවර්ධන ව්‍යාපෘති රැසක් යළි අරඹන්න කටයුතු කරමින් තිබෙනවා. කොවිඩ් 19 හේතුවෙන් බිද වැටුණ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවන්නනත් අපි කටයුතු කරමින් තිබෙනවා. 2015 ට පෙර වැඩබිමක්ව පැවති රට යහපාලන ආණ්ඩුව මුඩුබිමක්ව පැවති රට නැවත වැඩ බිමක් බවට අපි පත් කරනවා. මේ ඇරඹිලා තියෙන්නේ අපේ රටේ සංවර්ධනයේ නව යුගයයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංලගල්ල, නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරුන් ද මෙහි දී කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More