පුරවැසි කොලම

මම මේ ලිපිය ලියන්නට පටන් ගන්නේ අගෝස්තු තුන් වනාදය. මන්ද, සිදුවන්නට යන දෙය පිලිබදව මට කිසි දෙගිඩියාවක් තිබුනේ නැත. ජාතික ජන බලවේගයට මා තබනා ලන්සුව එක ආසනයක් බව එහි සටහන් කලෙමි. ඒ ජාතික ලැයිස්තු ධුරය පමණකි. එහෙත් ජවිපෙ ජාතික ජන බලවේගය නමින් අසන 3ක් දිනාගත්තේ කෙස් ගහෙනි. ගම්පහන් ලැබුන චන්ද 61,833 යනු 5.03% කි. එය 4.9 වූවානම් ආසනය නැත. කොලබ ලැබුන චන්ද ගණන 67,600 යනු 5.72% කි. කොලබද එය 4.9 වූවා නම් ආසනය නැත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයේදී ලබාගත් චන්ද ප්‍රතිශතය 3.1% කි. රටේ චන්ද ලක්‍ෂ 2ක් පමාව වැඩි වුවද මෙවර ජාතික ජන බලවේගයට ලබාගත්තේ 3.84% කි.
ජනතා විමුක්ති පෙරමුණ වූ කලි මෙවන් කේධනිය ඉරණමකට ගොදුරු විය යුතු පක්ෂයක් නොවේ. නමුත් ජවිපෙ මේ ඉරණමට ගොදුරුවෙන බව පසුගිය වසර 20 පුරාම මා දිගින් දිගටම ප්‍රසිද්ධියෙත් අප්‍රසිද්ධියේත් පැවසු කරුණකි. එය ඇතුලතින් විනාස කරමින් පවතින බවට මා පලකල අදහස් ගගට කැපු ඉනිමෙන් විය.

මා ප්‍රසිද්දියේ ලියු ලිපි අතර විජේවීර ඝාතනයට වසර 21 ක් පිරෙන 2000 නොවම්බෙර් 12 ඉරිදා ලක්බිම ලිපියද, 2010 ජනවාරි 10 වනදා ඉරිදා දිවයින පුවත් පතට ලියු විජේවීර බිහිකළ ජවිපෙට යන කලක හැටි – ජවිපෙ හැල්ලු කල වත්මන් නායකත්වයේ භූමිකාව ලිපියද, 2012 අගෝස්තු මස 30 වන ඉරිදා ලක්බිම පුවත් පතට ලියු ‘ජවිපෙ පැරදුනේ විජේවීරගේ සටන් පාට අතහැර දැමු නිසා යන ලිපියත්, 2014 දෙසැම්බර 28 ලක්බිමට ලියු විජේවීරගේ සමිපතමයකුගෙන් ජවිපෙ සාමාජිකයනට තීරණාත්මක ආයාචනයක් යන ලිපියෙන්ද, 2015 සැප්තැම්බර 06 ලක්බිම ඉරිදා පුවත් පතින් ‘ජවිපෙ පරාජය ගැන තව ටිකක්’ ලිපියෙන්ද, 2015 අප්‍රේල් 19 ඉරිදා පුවත් පතින් ‘ඉතිහාසයේ සරදම සෝමවංස අස්වෙයි – විජේවීර සමිපතමයකුගෙන් ප්‍රශ්න කිරීමක්’ ලිපියෙන්ද, 2019 නොවැම්බර 03 සති අග අරුණ පුවත් පතින් චන්දෙන් පස්සේ ‘අනුරට හැරවුම් ලක්ෂය හමුවනු ඇත’ ලිපියෙන්ද, 2019 නොවැම්බර 24 සති අග අරුණ පුවත් පතින් ‘අනුර දිසානායකට හැරවුම් ලක්‍ෂය හමුවෙයි’ ලිපියෙන්ද නැවත නවතත් මොනවට කරුණු පැහැදිලි කර ඇත. මේ ලිපි තුල සටහන් කල සියල්ල මේ වන විට සනාථ වී ඇත.
මේ මා ජවිපෙ පිලිබදව පලකරන අවසාන අනාවැකියයි. ජවිපෙ විනාශය ප්‍රර්ථනා නොකළ, එය සතු සාධනීය බුමිකාව වෙනුවෙන් පෙනී සිටි කෙනෙකු හැටියට, මේ එකොලොස් වන පැයේ කලයුතු වන්නේ එක්සත් ජාතික පක්ෂයට මෙන්ම එහි නායක රනිල් වික්‍රමසිංහට අත්වූ ඉරණමට ජවිපෙ තවදුරත් ගොදුරු නොකර අපොහොසත් නායකත්වය වන අනුර දිසානායක එය සුදුස්සෙකුට බාරදී දේශපාලනයෙන් ඉවත් වීමයි.

1982 වන විට ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වයට ගතවී තිබුනේ වසර හයක් පමණි. ඒ 1971 සිට අවුරුදු හයක පක්ෂ තහනමකට පසුවය. එදා 1982 ජනධිපතිවරණයේදී චන්ද 272,000 ක් එනම් 4 % (සියයට හතරක්) ලබා ගත්තේය. ඒ ආකාරයටම වසර 10 යක පක්ෂ තහනමකට පසුව 1994 දී නැවත දේශපාලනයට අවතීර්ණව, තවත් වසර පහකට කට පසුව එනම් 1999 දී නන්දන ගුනතිලක ජනාධිපති වරණයට ඉදිරිපත්ව චන්ද 344,173ක් ලබා ගත්තේය. 1982 ට සාපේක්ෂකව චන්ද වැඩිවීමක් වුවද එයද ප්‍රකාශිත චන්ද සංක්‍යාවෙන් 4% ම විය. එය එසේ වුවද 2000 හේ මහා මැතිවරණයේදී, ජවිපෙ තනි පක්ෂයක් සේ තරග කොට චන්ද පන්ලක්ෂයක් ලබා ගනිමින් ( 6%) අසන 10ක් දිනාගත් අතර 2001 (වසරක් තුලදී) එම චන්ද ප්‍රමණය අට ලක්ෂයකට (එනම් 9%) වර්ධනය කොට ගෙන ආසන 16ක් දින ගත්තේය. ජවිපෙ නැග්ම ආරම්භ වුයේ 2000 දිය. එහි උච්ච ස්ථානය 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරග කොට අසන 41 ක් දින ගැනීම විය.

කොලබ, ගම්පහ කළුතර, ගාල්ල, අනුරාධපුර, ඇතුළුව ජවිපෙ අපේක්ෂකයන් චන්ද මනාප වල මුල් තැනට පත්විය. කොලබින් තේරුණු විමල් වීරවංශ ඒ වනවිට ජනතාව දැනසිටි නමුදු හදුන්නෙති, නිපුනආරච්චි ප්‍රසිද්ද චරිත නොවිය. කළුතර නන්දන ගුනේතිලක දැනසිටි නමුදු විජේනායක සමරවීර අදින් ප්‍රසිද්ද චරිත නොවිය. ගාල්ල මුල්තැනට පත් අජිත් කුමාර දේශපාලන නවකයකු වූ අතර ගාල්ලෙන්ද අසන 3ක් හිමිවිය. මාතලේ සුජාත අලහකොන් මෙන්ම පුත්තලම දිස්ත්‍රිකක්යේ ජවිපෙ නියෝජිතයන් දෙදෙනාද ප්‍රසිද්ද චරිත නොවිය. හම්බන්තොටින් ඔවුනට අසන 2ක් හිමිවිය, ඒ ගලප්පත්ති හා විජිත රණවීරය, මාතරින් කිතුලේගොඩ හා මානගේ.
මේම ඉහලම ජනතා ප්‍රතිචාරය ඔවුනට ලැබුනේ, ජනතාව රාජපක්ස පරම්පරාවේ වහලුන් නිසා නොව රනිල් වික්රමසින්හ ප්‍රභාකරන් සමග හොර ගිවිසුම් ගසා රට දෙකඩ කිරීමට ගත් උත්සාහය ජවිපෙ නිවැරදි උපාය උපක්‍රම යොදාගෙන රට පුරා සිදුකල දැවැන්ත විරෝධතා ගමන් වැනි දේ හරහා පරාජය කල නිසාය.

එහෙත් ඒ ආදරය ගෞරවය, විශ්වාසය බිඳ දමා ගනිමින් ගන්නා ලද ඉතිහාසයේ බරපතළ වැරැදි තීන්දු 2ක් ඇත එනම් භාග තීන්දුවක් තුල රාජපක්ෂ පාලනයේ පළමු වටයේදී පළායාම, හා ඊටත් ඔබ්බට ගොස්, විජේවීරයන් දිවිහිමියෙන් පෙනී සිටී ඊළම් විරෝධී සටන, යුදමය අදියරේදී පළායාම මගින් එම කාර්ය භාරයේ කීර්තිමත් කොටස්කරුවන් වීමේ ඓතිහාසික අවස්ථාව පැහැර හැරීමත්ය. ඊට පසුව ඊටත් එහා ගොස් යුධ ජයග්රහණ වලට මෙන්ම රටටද සතුරු ස්ථානයක පෙළ ගැසීමය.

එක වරදක් වසා ගැනීමට නැවත නැවතත් කළ වැරදි වලින් පාඩම් ඉගෙන ගැනීමට නොහැකි ජවිපෙ අද බලය හොබවන නායකත්වය ඊටත් වඩා බරපතළ වැරැද්දක් කර ගත්තේය. එනම් ජවිපෙ නායකයන් ඇතුළු 60,000ක් බිලිගත් එජාපය සමගත් සරත් ෆොන්සේකා සමගත් පමණක් නොව බෙදුම්වාදීන් හා ෆෙඩරල් වාදීන් සමග ද කිසිදු හිරිකිතයකින් තොරව පෙළ ගැනීමත්, ඒ පමණක් නොව ඔවුන්ගේම වචනවලින් කිවතොත් 1989 මර්දනයේදී තිරයේ පිටුපස සිටි ‘දෝහීන්’ ‘පාවා දෙන්නන්’ හා අවස්ථාවාදීන් ලෙස හංවඩු ගැසූ උදවියද සමඟ වේදිකා ගත වීම ය.
එහෙත් මෙම බරපතළ වැරදි කිසිවකින් ජවිපෙ වත්මන් නායකත්වයේ බහුතරය සැබෑ ලෙසට පාඩමක් ඉගෙනගෙන නොතිබීම බරපතළ ගැටලූවකි. මේ සඳහා මහා දේශපාලන විග්රහයක් අවශ්ය නොවේ. සරල අංක ගණිතය තේරුම් ගැනීම වත් බහුතර ජවිපෙ නායකත්වයට වුවමනා නොවුවද අව්යාජ සාමාජිකයා ඒ පිළිබඳව බරපතළ ලෙස සිතා බැලීමේ වගකීම තමා අතට දැන්වත් ගත යුතුව ඇත.
ජවිපෙ යනු රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටීම බෞතිස්ම කළ පක්ෂයකි. රටේ ඒකීය භාවය හා එල්.ටී.ටී.ඊ ත්රස්තවාදය පැරදවීමට ජවිපෙ එකහෙළා ම කැප විය යුතුව තිබූ පක්ෂයකි. එහෙත් එම වගකීමෙන් පලා ගොස් ඓතිහාසික පිළිගැනීම තුළ ජවිපෙ කරගත් මහා වින්නැහිය, පක්ෂයට පමණක් නොව රටේ පැත්තෙන් බැලු කළ ද බරපතළ හානියකි.

2001දී බලයට පත්වූ රනිල් වික්රමසිංහගේ පාලනයත්, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමත්, ඇතුළු ගිවිසුම් පරාජය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ය. එල්ටීටීඊ විරෝධී බෙදුම්වාදයට එරෙහිව යුද පෙරමුණ පරාජය කිරීමේ භූමිකාව ජවිපෙ උරුමයයි. විජේවීරයන් තහනම යටතේ ලියූ ‘දෙමළ ඊළමට විසඳුම’ තීසිසයේ උරුමයයි. එයින් බැහැර වීමට හා ඊට පටහැනිව කටයුතු කිරීමට ජවිපෙ ගත් තීන්දුව ජවිපෙ නැවත විමසා බැලිය යුතුය. යුද ජයග්රහණයේ ප්රතිලාභ ලැබුනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් මිනිසුන්ට පමණක් නොවේ. එජාපය, ජවිපෙ පමණක් නොව උතුරු නැගෙනහිර ජනතාවට මෙන්ම එල්ටීටීඊ රුදුරු ත්රස්තවාදයට ගොදුරු වූ ළමා සොල්දාදුවන් බවට පත් වූ ජාතියේ දූ පුතුන්ටත්, මව්පියන්ට ඉන් ලද සහනය අහස උස ය. එම නිසා එම ජයග්රහණයට එරෙහිව පෙල ගැහීමේ කුහකකම වෙනුවෙන් ගෙවූ වන්දිය බරපතලය.

විජේවීරයන් බිහිකල ජනතා විමුක්ති පෙරමුණේ තිබූ සුවිශේෂී ගුණාංගයන් වූයේ ඒකීය ලංකාවක් පිළිබඳව තිබූ කැප කිරීම හා මාතෘ භූමියට තිබූ පක්ෂපාතීත්වය, ජීව ගුණය හා අවංකකමට පිටුපා ඊළාම් බෙදුම්වාදී යුද්ධයට එය ජයග්රහණය කරා යමින් තිබූ මොහොතක, ලාංකීය ජනතාවගේ අති බහුතරය සියලූ ආර්ථික අපහසුකම්, දුෂ්කරතා විඳ දරා ගනිමින් යුද්ධයට පක්ශව කැපකිරීම් කරද්දීල ජවිපෙ මහා වැඩ වර්ජන කැඳවන විටල තමන් සතුව තිබූ ආසන 41 අහිමි කොටගෙන ඒ හරහා පිළිබිඹු ජන පදනම අහිමි කොටගෙන අවසානයේ ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී සන්ධානය හරහා පාර්ලිමේන්තු මන්ත්රීකම් කීපයකට ලඝු වීමේ විනාශය සිදුවන විට අමරසිංහ මහතා ජවිපෙ නායකයා වශයෙන් සිටි මොහොතක අමරසිංහ මහතා නිහඩව බල සිටීම අහම්බයක් නොවිය. ජවිපෙ ඇතුලතින් විනාශ කිරීමේ කුමන්ත්‍රණයේ නිහඩ ක්‍රියාවලිය එවකටත් සිදුවෙමින් තිබිණ.
2007 වන විට රජපක්ස ආණ්ඩුවෙ අයවැය පරාජය කිරීමට දැරූ උත්සාහයද මෙම කුමන්ත්‍රණයේ කොටසක්ය. විමල් වීරවංස ඇතුළු ජවිපෙ මන්ත්‍රීවරු 11 ක් එදා පක්ෂයෙන් එලියට එන්නේ එය ජාතියේ ඉදිරි ගමන උදෙසා තීරණාත්මක සාධකයක් බව තේරුම් ගත් නිසාය. මෙලෙස ජනතාව සමග සිට ගැනීම නිසාම, විමල් වීරවන්ස නව දෙශපාලන පක්ෂයක්ද බිහිකර වර්ධනය කර ගත්තේය. එදා 2001 සිට 2004 දක්වා ජවිප තුල ක්‍රියාකාරී වෙමින් ජනතවට ඉදිරියෙන් සිට දේශපාලනයට මග පෙන්වූ ඔහු 2015 පරාජයෙන් පසුවද එම මගේ ම යමින් ජනතාවට ඉදිරියෙන් හිටගත්තේය.
මේ 11 දෙනා එළියට බැසි වේලේ ජවිපෙ හිටපු කීර්තිමත් මන්ත්රීවරයකු වූ තංගල්ලේ රණවීර වලව්ව අතහැර ජවිපෙ ගොඩනැගීමට දායක වූ විජිත රණවීර හම්බන්තොට හිටපු මන්ත්රීතුමා මා හා සමග පැවසූ දෙයක් මට මතකය. ඒ විමල් සමග එළියට ආ එවකට රත්නපුර මන්ත්රී දීපාල් ගුණසේකර ගැනය. දීපාල් වැනි කෙනෙකු ජවිපෙට අහිමි වීම ගැන ජවිපෙ තදින් හිතා බැලිය යුතු බව විජිත මා සමග පැවසීය.
1994 දී පාර්ලිමේන්තුව ආ නිහාල් ගලප්පත්ති මහතාට නැවත පළාත් සභා මන්ත්රීවරයකු ලෙස දේශපාලනයේ නිරත වීමට සිදුවීම, තිස්සමහාරාමයේ ප්රාදේශීය සභාව අහිමි වීම, අනුරාධපුර දිස්ත්රික්කයේ වැඩිම මනාප ලබාගෙන කුඩා කර්මාන්ත ඇමතිවරයා ලෙස ප්රශංසනීය මෙහෙවරක නිරත වූ ලාල්කාන්ත මහතාට කොළඹ පළාත් සභාව හරහා යළි දේශපාලනයේ නිරත වීමට සිදුවීම, මා සමඟ මරණය හමුවේ එකට සිට 1990 දී ජවිපෙ යළි ගොඩනැගීමට අත්වැල් බැඳි මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කිතුලේගොඩ මහතාට පළාත් සභාව හරහා ජවිපෙ ගොඩනැගීමට සිදුවීම ප්රගමනයක් ද?

ජවිපෙ ලාංකික දේශපාලන කරලියේ ඉහළින්ම වැජඹීමට තිබූ පක්ෂයකි. පීලි නොපැන්නා නම් යුද ජයග්රහණයේ සාතිශය ප්රතිඵල ජනතාව සමඟ බෙදා හදා ගනිමින් මීට වඩා යහපත් දේශපාලනික කොටස්කරුවන් ජාතියට සේවයක් කිරීමට තිබූ අවස්ථාව පැහැර හැරි ජවිපෙ ට අත්වූ ඉරණම කිසිලෙසකින්වත් අහම්බයක් නොවේ.

මේ ආරාධනය හා ආයාචනය අදටත් ජවිපෙ ඉතිරි වී ඇති බිම් මට්ටමේ සාමජිකයටයග ඒ මිනිසා තවමත් මේ රටට දැවැන්ත කාර්යභාරයක් කළ හැකි ගුණාත්මක බලවේගයකි’
අහිමි වූ ජන පදනමත් විශ්වාසයත් යළි ස්ථාපිත කළ හැකි වන්නේ කෙසේදැයි දැන්වත් සිතා බැලිය යුතුය.
දේශාපාලකයන්ට හා දේශපාලන පක්ෂ වලට පැවැත්මක් ඇත්තතේ දැනුවත් ජනතාවගේ පැත්තේ හිට ගත්තොත් පමණකි පාර්ලිමේන්තුවට නුසුදුසු පුද්ගලයන් තෝරා යවන වැරැද්ද ජනතව මතම පමණක් පැටවීම බොහෝ දෙනෙකු අතින් සිදුවන්නකිග එතනින් නොනවතින සමහරු ජනතාව මොඩයන් තකතිරුවන් සේ සලකා ගරහනු ලබයිග ජවිපෙ විසින් ඉන් ඔබ්බට ද ගොස් ජනතාව දෙශපාලන වහලුන් ලෙස ද මෑතකදී හදුන්වන ලදී.
1977 සිට පැවතී එක්සත් ජාතික පක්ෂයේ මර්ධනකාරී පාලනය ඉවසීම ප්රතික්ෂේප කල ජනතාව චන්ද්රික කුමාරණතුංග 62්ර චන්ද ප්රතිශතයක් ලබාදී බලයට ගෙනාවේයග එහෙත් ඇයගේ ජනතා විරෝධි දෙශපාලන ක්රියාකාරිත්වය විසින් ඇය දේශපාලන වේදිකාවෙන් සහ මුලින් ම ඉවත් කර ඇතග ශ්රී ලංකා නිදහස් පක්ෂයට ද අත්වුයේ මෙවැනි ම ඉරනමක් මයග ප්රධාන දෙශපාලන පක්ෂ 2 අතර තිබු ශ්රීලනිප ය පහලට තැනට වැටුනේ 2015 දී පක්ෂයක් වශයෙන් ගත් ජනතා විරෝධි වැරදි දේශපාලන තීන්දුව නිසායග නමුත් එජාපය සමග හවුල් දීගයක යාම ශ්රී ලානිපයේ ජන පදනම බිද ගැනීමේ හේතුව බව ඔව්හු අවසාන පැයේ දී හෝ තේරුම් ගෙන ඇත.

ඒ ලෙසින්ම ජවිපෙ ජන පදනම නැති කර ගැනීමේ හේතුව 2010 දී එක්සත් ජාතික පක්ෂය සමග අමු අමුවේ එළිපිට සිට ගැනීමත්ල 2015 දී වහෙන් ඔරෝ සහයක් පුද දීමත්ල ඊට පසුව ගතවූ අවුරුදු පහ තුල එක්සත් ජාතික පක්ෂයට විවුර්තව මෙන්ම ආවුර්ත වාසිදායක ක්රියාකාරිත්වයක් නිරත වීමත්ල අපකීර්තිමත් ත්ක්ෂෘ දේශපාලන දඩයමේදී ඹභඡ දඩයක්කාරයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමත් හාමැතක ඵක්ක් ගිවිසුමට ප්රමනත්වත් ලෙස එරෙහි නොවීමත්යග මොන තරම් කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කලද කටුක සත්යය නම් එයමයග
දැක්මක් ඇති දෙශපාලන පක්ෂ හා නායකයන් විටකදී ජනතවට ඉදිරියෙන් සිට නිවැරදි ලෙස ජනතාව මෙහෙය වීමට කටයුතු කරයිග එවැනි පරිනත පක්ෂ හා දෙශපාලන නායකයින් තවත් විටකදී ජනතව සමගද තවත් වරෙක ජනතව පිටුපසින් ද සිට ඔවුනට ඇහුම් කන් දෙමින්ද කටයුතු කරයිග 2000 සිට 2004 දක්වා ජවිපෙ කටයුතු කලේ ජනතාව ඉදිරියෙන් සිට ජනතාවට මග පෙන්වමින් ඉටුකළ මහෞෂද භූමිකාවයිග
නමුත් ජවිපෙ දේශපාලන පිලිපනිමේ හා වැටීමේ ආරම්භය හොදින් සනිටුහන් වන්නේ 2006-2009 වකවානුව තුලයග ජනතව සමගල ජනතා අභිලාෂයන් සමග හෝ ජනතාව පසුපසින් ඔවුන් තේරුම් ගෙන ඔවුනගේ අභිලාෂයන් තෙරුම් නොගෙන තීරණාත්මකම වෙලාවක දෙශපාලන සිය දිවි නසාගැනීමේ තීන්දුවකට ජවිපෙ අවතීර්ණ වුයේ අහබ්යකින් යයි මා කිසිසේත් පිලි නොගනිමිග වතාවන් වල් ගණනාවකදී එළියෙන් විනාශ කිට්රීමට නොහැකි වූ ජවිපෙ ඇතුලතින් විනාශ කිරීමේ ක්රියාදාමය ජවිපෙ දෙශපාලන ගමනේ උච්චම් අවස්තාවෙන් පටන් ගැනීම ජවිපෙ විනාශයේ වැඩි කොටස තහවුරු කල හැකි හොදම ක්රමය බවට උපාය මර්ගික විශේසක්ඥයන් තීරණය කල බව මගේ තේරුම් ගැනීමයිග එක්තරා ඔත්තු සේවයක් මේ සදහා සක්රියව මැදිහත් වූ බව වගකීමකින් ප්රකාශ කරමි.

2010 දී රනිල්-පොන්සේකා සමග එකම වේදිකාවට ගොඩ වීම ඉතිහාසයේ කල බරපතලම දෙශපාලන වරද නිසා ජනතව ජවිපෙන් ඈත්වීම ඔවුන්ගේ චන්ද පදනම කඩා වැටීම තුල ඉතා හොදින් පිලිබිබු වුවත් ඒ බව තේරුම් ගැනීම ඔව්හු අපොහොසත් වියග පාර්ලිමේතු අසන 2010 දී 7 කට සීම වීමත් 2015 6 කට බැසීම පමණක් නොව ඉන් ඔබ්බට ගොස් ලංකාවේ ඔවුනට හිමිවූ එකම ප්රදෙහිය සභාව තිස්සමහාරාමයල ජවිපෙ නිර්මාතෘ විජේවීර ගෙ දේශපානලනය ඇරබි තිස්සල අදිෂටනශීලි පුරවරය ලෙස ජවිපෙ හැදින්වූ තිස්සල ද ඔවුන්ගේ බලයෙන් ගිලිහි යාමයිග 1982 ජනාධිපතිවරණයේදී මුළු කොලබින් විජෙවිරට චන්ද 28ල000ක් හිමිවන විට ඔහු හම්බන්තොටින්ද චන්ද 28ල000 ලබාගත්තේයග එහෙත් තිස්ස ප්රාදේශීය සභා චන්දයේ දී චන්ද 13000 :44්ර* ලබා ගත්තේයග එහෙත් එම ප්රාදේශීය සභාව තමන්ගෙන් ගිලිහි යද්දී එසේ ගිලිහි ගියේ හම්බන්තොට දිස්ත්රික්ක් ජනාතාවිරාජපක්ස පවුලේ වහලුන් නිසා’ නොවන බව තෙරුම් ගැනීමට ජවිපෙ අපොහොසත් වියග තවද 2006 ප්රාදේශීය සබා තනිව තරග කොට අගුනුකොල පැලැස්ස 25්ර ක් චන්ද ලබමින්දල සුරිය වැව ප්රදේශිය සභාවේ 31්ර ලබා ලබමින්දල අම්බලන්තොට 31්ර ලබා ගනිමින්ද ස්ථාන තුනේදීම යු එන් පිය තුන්වන තැනට ඇද දමු ජවිපෙ බලකොටු 2011 දී ගිලිහි අගුනුකොල පැලැස්ස 8්ර බහිද්දීල සුරිය වැව 4්ර ට බහිද්දීල අම්බලන්තොට 13්ර බහිද්දී බාහිර සාධක වලට එම පරාජය ලගු කිරීමේ ස්වයං වංචාවකට ප්රවේශ වීයග හම්බන්තොට දිස්ත්රිකයෙන් රෝහණ විජේවීරයන් 1982 දී චන්ද 28ල000 ක් ලබා ගත් අතර එය දිස්ත්රිකයේ ප්රතිශතයක් ලෙස 24්ර වියග නමුත් වසර 40 කට පසුව අනුර කුමාර ලබා ගන්නේ චන්ද 26ල295 පමණිග එය දිස්ත්රිකයේ ප්රතිශතයක් ලෙස 6ග24්ර කිග මෙවර එය චන්ද 31ල362 එනම් 8ග39්ර කිග මොනරාගල දිස්ත්රික්කයේ විජේවීරයන් චඳ 7171 ක් එනම් 7්ර ලබා ගත නමුදු අනුර කුමාර ලබාගත්තේ චන්ද 2537 ක් එනම් 2ග74 කිග 1979 ගාල්ලේ අතුරු මැතිවරණයට තරග කල එවකට ප්රධාන ලේකම් ලයනල් බෝපගේ චන්ද 3366 ලබාගත් අතර මෙවර අනුර කුමාරට ලබාගත් හැකිවුයේ 3044 කිග
ඒ අනුව ජවිපෙ ඉතිහාසයේ ජවිපෙ නායකයකු ලද අඩුම චන්ද ප්රමාණය මෙයයිග ජන බලවේගය ලෙස සදුන්වා ගත්ිබලවේග’ බලවේග නොවන බවද තහවුරු වී ඇතග කොලබ දිස්ත්රික්කයේ ජන බලවේගයට චන්දය දුන් 40්ර පමණ අනුරට චන්දය දී නැතග 2020 මහා චන්දයේ පරාජයට වග කිව යුතු ඔහුය.

ජවිපෙ ලාංකීය දෙශපාලන පිටියේ පැවතිය යුතුම පක්ෂයකිග එහෙත් පසුගිය දශකය තුල ජවිප ක්රියාකාරිත්වය එහි පැවැත්මට කිසි සේත්ම පිටුවහලක් නොවූ බව මේ එකොලොස් වන පැයේ හෝ වටහා ගත යුතුව ඇතග ජවිපෙ විනාශය පිළිබද අද සෝමවංස අමරහින්හයන්ට ඇගිලි දිගුකරන අය බොහේ දෙනා අමතක කරන කරණය වත්මන් ජවිපෙ නායකයා පත්කරනු ලැබුවේ සෝමවංස බවයිග එය ඔහුගේම තීරණය නොවන බවත් එය යම් අදිසි හස්තයක බලපෑම තුල ඔහුට කිරීමට සිදුවූ බවත් මා විශ්වාස කරන්නේල ජවිපෙන් ඉවත්වීමට සති දෙකකට පමණ පෙර ඔහු නවදිල්ලියට ගිය බව බොහෝ දෙනා නොදන්නා අවසානිදේශපාලන’ ගමන නිසාය.
මේ රටේ විකල්ප දෙශපාලන බලවේගය බවට පත්විමට ජනතාව විසින් ජවිපෙට ලබා දුන් අවස්තාවන් අන් කිසිදු දෙශපාලන පක්ෂයකට :පරණ වමද ඇතුළුව* ජනතාව ලබා දී නැතග 1999 සිට ජවිපෙ ඉහලින් ඉහලටම ඔසවා තැබීමට ජනතාව කල ප්රගතිශීලි මෙහෙවරට ජවිපෙ අහම්බෙන් පයින් ගැසුවයයි මා කිසිසේත්ම නොපිළිගනිමිග නමුත් එය තව දුරටත් එසේම විය යුතුදර
මේ රටේ දේශපාලනය හසුරවන බහුජාතික සමාගම් කීපයක් ඇතග ඖෂධල කෘෂිරසයනල දුම්කොළල මධ්යසාර කිරිපිටි මෆියාවන් ඉන් ප්රධාන තැනක් ගනීග 2004 ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයාව සිටි අනුර කුමාර දිසානායකි වැව අමුණු දහසක් ප්රතිස්ථාපනය කිරීමේ සත් ක්රියාවට’ ලංකා දුම්කොළ සමාගමේ පුර්ණ අනුග්රහය ලබා ගැනීම අඩුම තරමින් විල්වත්ගම වැව ප්රතිසංස්කරණ පලකය මෙයට සාක්කි දරනු ඇත* මෙන්මල දුම්කොළ වගාවට දිරි දීම බහු ජාතික බුවල්ලන්ගේ කුමන්ත්රණකාරී ගමන් මගට ජවිපෙ ගොදුරු වීම සනිටුහන් කරන එක සරල උදාහරණයක් යයි මම විශවාස කරමීග
2019 අනුර කුමාරගේ හැරවුම් ලක්ෂය මෙන්ම 2020 ජවිපෙ හැරවුම් ලක්ෂය ලෙස මා දකින්නේ ජනතා තීන්දුවවට හිස නමා ස්වයංවිවේචනයක යෙදීමට ඔවුනට අවස්ථාවක් ලැබෙන නිසායග
ඒ නිසා ජවිපෙ තවමත් රැදුණු අවංක පහල සාමාජිකයාට විකල්පයක් ඉතිරිව නැතග රනිල්ට 29 වතාවක් පැරදුන බවට අපහස කරන මේ අපොහොසත් නායකයාට තව දුරටත් ජවිපේ නිවැරදි දිසාවකට ගෙන යාමට නොහැකි බව ජවිපෙ හිමිකමට උරුම සමාජිකය තේරුම්රුම ගත යුතුයග තම හර්ද සක්කියෙන් ප්රශ්න කල යුතුව ඇතග කේන්ද්රීය ප්රශ්නය රාජපක්ෂ හා වීරවංස වෛරයද නැතිනම් දේශපාලන වශයෙන් රට පැත්තේ සිට ගැනීමද යන්න තීරණය කල යුතුව ඇතග
ජවිපෙ සතු ඒ අයිතිහාසික උරුමය හා කිර්ති නාමය සමග ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් ජවිපෙ බිහිකිරීමේදී ජවිපෙ සිටවූ උපායමාර්ගික පදනමේ නැවත සිටවිමට සමත් නායකත්වයක් සොයා ගැනීම ජවිපෙ ක්රියාකාරිකයන්ගේ වගකීමයිග ඒකීය රාජ්යය හා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් දිවි පිදු 60ල000 ට සධාරණය ඉටු කල හැක්කේ එසේයග
ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ සුවිශේෂ අනන්යතාවක් හා කීර්ති නාමයකි. කිසිදු නමක් නොතිබුණ, සේනානායක, බණ්ඩාරනායක පරම්පරාවෙන් පැමිණියෙකු නොවන තනි මිනිසා යෝධ පක්ෂයක් නිර්මාණය කළේ දැවැන්ත කැපකිරීමක් හරහා ය. ඒ පදනම කොතෙක් ශක්තිමත්ද යත් දෙවරක් ලෙයින් යකඩින් ගින්දරින් මර්දනය කළ ජවිපෙ එළියෙන් විනාශ කිරිමට කිසිදු ජගතෙකුට නොහැකි විය. ඒ අනුව ජවිපෙ සුවිශේෂ අනන්යතාව හා බද්ධ වූ කරුණු ගණනාවක් විය. දේශප්රේමය, අධිරාජ්ය විරෝධී ස්ථාවරය, දේශීය බව, කැප කිරීම අතර ප්රධාන කරුණු විය. උපක්රමික ලෙස හෝ ඉන් පලා යාමට ජවිපෙට අයිතියක් නොතිබිණිග .

ජවිපෙ නිර්මාණය කළ රෝහණ විජේවීරයන් මේ බිමේ පැතූ සාධාරණ සමාජය, ජාතික සමගිය කතා කරන භාෂාව අනුව හෝ අදහන ආගම අනුව වෙනස්කම් කිරීම හෝ විශේෂ සැලකිලි පුද නොකරන, සමාජයක් නිර්මාණය කිරීමට නම්, අහිමි වූ ජනතා විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට නම්, ඒ වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කළ සැමට සාධාරණය ඉටු කිරීමට නම් ජවිපෙ බරපතළ ලෙස නැවත සිතා බැලීම පමණක් නොව අව්යාජ ස්වයං විවේචනයක්ද කළ යුතුව ඇත. ඒ මත පිහිටා ඉදිරි දේශපාලන කටයුතු නිර්මාණය කළ යුතුය. ජවිපෙට පමණක් නොව ජවිපෙන් බෙදී වෙන්වුණු සහ නිහඬ වූ ජවිපෙ ඉතිහාසයේ ආවගිය සැමට ඒ සඳහා බරපතළ භූමිකාවක් ඇති බව අවධාරණය කරාවි. පක්ෂය ට පෙර රට සටන් පාඨයක් වශයෙන් පමණක් නොව භාවිතයේදී ඉහළම තැනක රැඳවිය යුතු ව ඇත. මව්බිම සමඟ ජීවිතය ද දිනවීමට ජවිපෙ අලූතින් සිතිය යුතුව ඇත. ජවිපෙ තුළ මෑතක ඉස්මතු කරන ප්රවණතා සියල්ල බැහැර කළ යුතු අතර ජවිපෙ ඉතිහාසය සතු සාධනීය ලක්ෂණ කිසිවක් අවස්ථාවාදී ලෙස බැහැර නොකළ යුතුව ඇත. ජවිපෙ ගැන එයට ආදරයෙන් විවේචන හා කරුණු පෙන්වීම අවඥාවෙන් බැහැර නොකළ යුතුය. ජවිපෙ ඉතිහාසය හොඳින් හැදෑරිය යුතුය. ඒ තුළ බොහෝ දෙනා කළ දැවැන්ත කැපකිරීම් ගැන හඳුනා ඒ ආදර්ශමත් චරිත වලින් ඉගෙන ගත හැකි හැමදේම ඉගෙන ගත යුතුය.
ජවිපෙ නිර්මාණය කළ එය ඉදිරියට ගෙන ගිය සෑම දෙනාට යුතුකම් ඉටුකිරීමේ ඓතිහාසික කාර්යභාරය ඉටුකල හැකි වන්නේ, ගිරා පෝතකයන් ගෙන් ඔබ්බට විමර්ශනශීලී ලෙස කරුණු කාරණා ගැන කතා කළ හැක්කේ එවිටය.
මේ සදහා නව නායකත්වයක් අවශ්යව ඇත. ජාතික ජන බලවේගය තුල පක්ෂයේ ඉතිහාසයක් ඇතිල උගත් කමින් පිරිපුන්ල ජිවන අත් දැකීමෙන් පොහොසත් තවමත් ජවිපෙ වෙනුවෙන් කැපකිරීම කරනු ලබන කෙනෙකු සොයාගැනීම අපහසු නොවනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More