දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන මෙන්ම ඊළග නායකාය ලෙසද සැලකෙන එම්. ඒ. සුමන්තරන් මහතාට එරෙහිව මේ වනවිට පක්ෂය ඇතුළේ බරපතළ අර්බූදයක් නිර්මාණය වී ඇති බව දැනගන්නට ඇත.
විශේෂයෙන්ම ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කිලනාදන් සහ මාවෙයි සේනාධිරාජා මෙම සුමන්තිරන් විරෝධය පසුපස සිටින බව වාර්තා වේ.
පසුගිය සිකුරාදා දිනයේ මෙම පිරිස පක්ෂ නායක සම්බන්ධන් මහතාගේ කොළඹ නිවෙසේදී මුණගැසී මෙම විරෝධය ඍජුවම පළකොට ඇති බව පැවසේ.
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් පමණක් නොව පාර්ලිමේන්තු කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන්ද සුමන්තිරන් මහතා ඉවත් කළ යුතු බවකි.
මෙම සාකච්ජාවට සුමන්තිරන් මහතාට ආරාධනා කර තිබුණද ඊට ඔහු එක්ව සිට නැත.
කෙසේවෙතත් මෙම ඉල්ලීම සලකා බැලීමට සම්බන්ධන් මහත් එකගතාව පළ කොට තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...