දේශීය පුවත්

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ කැබිනට් අමාත්‍ය ධූරයක් දැරීමට නියමිතය.

ඒ අනුව දැනට පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින ජයන්ත කැටගොඩ මහතා බැසිල් රාජපක්ෂ මහතාට ඉඩ ලබා දීම පිණිස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත වූවකුට මැතිවරණයට ඉදිරිපත් වීමට හෝ පාර්ලිමේන්තු ආසනයක් දැරිය නොහැක. නමුත් ඉදිරි සති කිහිපය ඇතුළත සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේදී මෙම ද්විත්ව පුරවැසිභාවයට සම්බන්ධ වගන්තිද සංශෝධනය කිරීමට ආණ්ඩුව සූදානමින් සිටී.

ඉදිරි මාස 3 ඇතුළත මේ සම්බන්ධ කටයුතු අවසන් වීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව ආර්ථිකය සම්බන්ධ විශේෂ බලතල රැසක් බැසිල් රාජපක්ෂ මහතාට බාරදීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවා ඇති ආර්ථිකය සම්බන්ධ කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.

කූඹියා නිව්ස්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More