දකුණේ සිංහල ජනතාවගේ එකමුතුකම නිසා මෙවර මහ මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් ලබා ගැනීමට හැකිවූ බව යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී. වී. විග්නේශ්වරන් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවසීය.
සිංහල ජනතාව තුළ කලින් මෙම එකමුතුකම නොතිබුණු නිසා බලයට පත්වන ආණ්ඩුවකට තුනෙන් දෙකක තනි බලයක් ලබා ගැනීමට නොහැකි වූ බව ද සඳහන් කළ මන්ත‍්‍රීවරයා රටේ සෑම ජනවර්ගයක් අතරම එකමුතුකමක් තිබිය යුතු බවත් එවිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවා ගෙන රට සංවර්ධනය කළ හැකි බවත් සඳහන් කළේය.
විග්නේශ්වරන් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේ නව රජයට තුනෙන් දෙකක බලයක් ලැබීම සම්බන්ධව කළ විමසීමකට පිළිතුරු ලෙසි නි.
කෙසේ වෙතත් නව රජයේ වැඩපිළිවෙළ දෙස විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් ලෙස දැඩි විමසිල්ලෙන් පසුවන බව ද සී. වී. විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවැසීය.
Irida divaina

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...