උපාධිධාරීන් පනස් දහසට අමතරව තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගෙන ඇති තීරණය අනුව වයස අවුරුදු 45 ට වැඩි රැකියා විරහිත උපාධිධාරීන්ට ද අයැදුම් කිරීමේ අවස්ථාව හිමිව ඇතැයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ මොහාන් සමරනායක මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
මීට අමතරව දැනට මෙම රැකියා වැඩපිළිවෙළට අයැදුම් කර අර්ථ සාධක අරමුදල් හිමි රැකියාවල නිරතවීමේ පදනම මත අයැදුම්පත් ප‍්‍රතික්‍ෂේප වී ඇති උපාධිධාරීන්ට ද අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද ඒ මහතා සඳහන් කළේය. මෙම නව උපාධිධාරීන්ට රැකියා හිමිවන්නේ අතිරේක උපාධිධාරීන් දසදහස යටතේ බවත් ඒ සඳහා නිශ්චිත ක‍්‍රමවේදයක් සකස් කරමින් පවතින බවත් මොහාන් සමරනායක මහතා පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...