ඉන්දියාවේ සිට මෙරටට පැමිණ අයි ඩී එච් රෝහලේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි 47 හැවිරිදි කාන්තාවක් මරණයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
දරුණු පිළිකා රෝගියෙකු වූ ඇය හදවත් රෝග ලක්ෂණද පෙන්නුම් කර ඇති බව අයි ඩී එච් රෝහල් ආරංචි මාර්ග පවසා සිටී. තවද වසංගත රෝග විද්‍යා අංශ වාර්තා වලට අනුව අවසන් වරට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කෝවිඩ් 19 වෛරස ආසාදිතයන් 6 දෙනා සමඟ වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 2947 දක්වා ඉහළ ගොස් ඇති බව පැවසේ. ඔවුන්ගේ වාර්තා වලින් පෙන්වා දෙන්නේ හමුවන සියළුම රෝගීන් විදේශ රාජ්‍යයන්හි සිට මෙරටට පැමිණෙන අයවළුන් බවයි.
ඒ අනුව වසංගත රෝග විශේෂඥයන්ගේ මතය වී තිබෙන්නේ ශ්‍රී ලංකාව කෝවිඩ් 19 වසංගත රෝගය තම පාලනයට ගැනීමට ශ්‍රී ලංකාවේ බළධාරීන් සමත්ව ඇති බවයි. මෙම තත්වය දිගටම පවත්වා ගත හොත් විදේශයන්හි සිට පැමිණෙන ආසාදිතයන් කෙතරම් සිටියත් රට තුළ දෙවැනි කෝවිඩ්19 වෛරසය ආසාදන රැල්ලක් පැන නොනගින බව වසංගත රෝග මර්ධන විශේෂඥයන්ගේ මතයයි. ශ්
රී ලංකාව තුළ දැනට කෝවිඩ්19 වෛරසය ආසාදිතයින් 138 දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. මේ අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ මෙරට නිරෝධායන මධ්‍යස්තානවල 7000 ඉක්මවූ පිරිසක් රඳවාගෙන සිටින බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...