දේශීය පුවත්

සී.වී. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ප්‍රථමයෙන් දිවුරුම් දී ඇත්තේ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිය ගිය වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේ දී බවට රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද (22) අනාවරණ කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් තමිල් මක්කල් තේසිය කූටනි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සි.වි. විග්නේෂ්වරන් මහතා විසින් “දෙමළ භාෂාව, මෙරටේ මුල්ම භාෂාව ලෙස හා නිජ භූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව” ලෙස සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

සි.වි. විග්නේෂ්වරන් මහතා සිටින්නේ “රට බෙදීමේ න්‍යාය පත්‍රයේ” බව ද සරත් වීරසේකර මහතා කියා සිටියේය.

මේ අතර විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීම පිළිබඳව කරුණු සොයා බලා කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) මහනුවරට පැමිණ මල්වතු, අස්ගිරි මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More