දේශීය පුවත්

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම් ඊට පෙර ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, විද්වතුන්, සාමාන්‍ය ජනතාව ඇතුළු සියලු පාර්ශ්වවල අදහස් සැලකිල්ලට ගතයුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. එසේම නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් විය යුත්තේ එම සියලු පාර්ශ්වයන්ගේ මත නියෝජනය වන පරිදි බවයි හිටපු කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම අතින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතිශය වැදගත් බවත් කරු ජයසූරිය මහතා පෙන්වා දෙනවා. ඒ නිසා එම සංශෝධනයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන වගන්ති කිසිසේත් වෙනස් නොවිය යුතු බවයි ඔහු පවසන්නේ.

එහි ප්‍රජාතන්ත්‍රික සාරය ආරක්ෂා කරමින් එහි ඇති තාක්ෂණික දුර්වලතා පිළිබඳව මනා විශ්ලේෂණයක් හා ඇගයීමක් සිදුකර එම තාක්ෂණික දුර්වලතා අහෝසි කිරීම පමණක් නව ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වියයුතු බව ද කරු ජයසූරිය මහතා පවසනවා.

ලොව සාඩම්බර දේශයක් ලෙස ශ්‍රී ලංකාවට නැගී සිටිමට නම් ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය කෙරෙහි ගෞරවය අත්‍යවශ්‍ය බවද කරූ ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More