දේශීය පුවත්

2015 වසරේ දී දූෂිතයින්ට දඬුවම් කිරීමට ජනතාව ජනවරමක් ලබා දුන් නමුත් එම වගකීම නිසිලෙස ඉටුනොවීම හේතුවෙන් මෙවර මැතිවරණයේ දී ජනතාව දඬුවම් කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඊයේ (21) පෙරවරුවේ පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.

“මේ රටේ හිටිය රාජ්‍ය නායකයා සිරිසේන. රනිල් වික්‍රමසිංහට අවාසනාවකට හෝ තාමත් ජනාධිපති වෙන්න බැරිවුණා.

අපේ ආණ්ඩුව මේ රට නිවැරදි මාර්ගයකට යොමු කරත් ඒවා ඉවර කරන්න බැරි වුණා. ජනතාව ඉල්ලපු හොරු හිරේ දාන්නත් බැරි වුණා. ඒක නීතියෙන් කළ යුතු දෙයක්. ඒ නිසා තමයි ජනතාව අපිට බනින්නේ.

හොරු අල්ලන පැත්තෙන් ආණ්ඩුවක් විදියට ෆේල්… රට දියුණු කිරීම පැත්තෙන් අපි බොහෝම සාර්ථකයි. ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට වගකියන්න බෑ. මොකද සම්පූර්ණ ආරක්ෂාවේ බලතල තියාගෙන හිටියේ සිරිසේන ජනාධිපතිවරයා නිසා.” යයි පැවසු මංගල සමරවීර, ජනාධිපතිවරයා රට ඇදගෙන යන්නේ තවත් අන්ධකාරයකට බවද අවධාරණය කර සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More