ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල ප්‍රදේශයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
පොලීීසිය පැවසුවේ තවත් සිව්දෙනෙකුට තුවාල සිදු වී ඇති බවය.
වෑන් රථයේ රියදුරු අතුළු පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු ගමන් කර ඇති අතර බරපතල තුවාල ලැබු 5 දෙනෙකු සිරිගල, බදුල්ල, වැල්වාය හා දෙමෝදර රෝහල්වලට ඇතුලත් කර ඇත.
එහිදී, දෙමෝදර රෝහලට ඇතුලත් කළ දෙදෙනා මිය ගොස් තිබේ.
වෑන් රථයේ ගමන් ගත් අනෙක් පුද්ගලයෙකු එහි සිර වී සිටින අතර ඔහුව මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෘත ශරීර දෙමෝදර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...